Divaina - කොදෙව් - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

kodev එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (16 වැනිදා* මැන්චෙස්ටර් හිදී ආරම්භ වේ. එ් අනුව පළමු තරගය කඩුලූ 4කින් ජය ගැනීමට සමත් වූ කොදෙව් කණ්ඩායම මේ වනවිට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වී සිටින අතර තරගාවලිය තුළ තවදුරටත් රැුඳී සිටීමට නම් අද තරගය ජය ගැනීම හෝ ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීම එංගලන්ත කණ්ඩායමේ වගකීම බවට පත්ව තිබේ.
 
 පළමු තරගයට කී‍්‍රඩා කළ ජෝ ඩෙන්ලි අද තරගයේදී එංගලන්ත සංචිතයෙන් ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් හිමිවන බවද එංගලන්ත නිත්‍ය නයකයා වන ජෝ රූට් මෙම තරගයට කී‍්‍රඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. කෙසේ වෙතත් එංගලන්ත බිමේදී වසර 20කට පසු ටෙස්ට් තරග ජයක් වාර්තා කළ කොදෙව් සංචිතයම ජයග‍්‍රාහී මානසිකත්වයකින් අද තරග බිමට පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
 
 එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලිය කොවිඞ් 19 වසංගතය හේතුවෙන් මාස 4ක පමණ විරාමයකින් අනතුරුව පැවැති පළමු ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය වේ. ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තාරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය කොදෙව්වන් ජය ගැනීමෙන් අනතුරුව ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ 9 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානයට පැමිණීමට ඔවුහු සමත් වී තිබේ. එංගලන්තය එහි 3 වැනි ස්ථානයේ පසුවේ.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles