Divaina - කැරම් නිලවරණය කොට උඩ යන ලකුණු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p16 3ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනයේ නිලවරණයට දිනයක් වෙන කර ගැනීමට නොහැකිව නිලවරණ කමිටුව මේ වන විට මහත් අසීරුතාවට පත්ව ඇති බවත් මේ හේතුවෙන් සම්මේලනයේ ඉදිරි වැඩ කටයුතු අඩාල වී ඇති බවත් වාර්තාවේ. එ් අනුව නිලවරණය සඳහා නාම යෝජනා කැඳවා ඇති සංගම් කිහිපයක ලියාපදිංචිය පමාවීම හේතුකොට ගනිමින් කැරම් සම්මේලනය මෙම ගැටලූවට පත්ව ඇතැයි ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා දැමීම මත සහ වෙනත් හේතූන් මත නිලවරණ පමා වූ කී‍්‍රඩා සංගම්වල නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. එ් අනුව මාස ගණනක් පමා වී ඇති කී‍්‍රඩා සංගම් කිහිපයකම නිලවරණ පැවැත්වීමට අදාළ කී‍්‍රඩා සම්මේලනවල නිලවරණ කමිටු මගින් දින යොදාගෙන වෙන්කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට දින පමා වී ඇති කැරම් සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට නිලවරණ කමිටුව පසුගියදා කි‍්‍රයා කර තිබුණද එහි කී‍්‍රඩා සංගම් කිහිපයක් මේ වසරේ ලියාපදිංචිය අලූත් කිරීම් සිදුකොට නොමැති බව අනාවරණය වීමෙන් කැරම් සම්මේලනයේ නිලවරණය වෙනුවෙන් දිනයක් වෙන් කර ගැනීම නිලවරණ කමිටුව තවමත් අපොහොසත් වී තිබේ.

සම්මේලනයේ ලියාපදිංචි වී නොමැති සංගම්වලට නිලවරණයේදී ඡුන්ද අයිතිය හිමි නොවන අතර මේ පිළිබඳ කැරම් සම්මේලනය මගින් අදාළ සංගම් වෙත දන්වා යවා තිබේ. එ් අනුව එම සංගම් මගින් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ තම කී‍්‍රඩා සංගමයට ඡුන්ද අයිතිය හිමිවිය යුතු බවත් මේ පිළිබඳ විභාගයක් සිදු කළ යුතු බවත්ය. කෙසේ වෙතත් කී‍්‍රඩා අමාත්‍යාංශයේ විභාග කිරීම්වලින් අනතුරුව අදාළ අභියාචනය නිලවරණ කමිටුව වෙත යොමුකර ඇති අතර මේ වන විට අදාළ අභියාචනය විභාග කිරීම නිලවරණ කමිටු ව විසින් සිදුකරගෙන යන බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් අදාළ අභියාචනය විභාග කිරීම සඳහා කැරම් සම්මේලනය වෙත පසුගියදා පැමිණෙන ලෙස එම සංගම්වලට දන්වා යවා තිබුණද සම්මෙලනයට පැමැණිය නොහැකි බවත් වෙනත් ස්වාධීන ස්ථානයකට පමණත් පැමිණෙන බවත් එම සංගම් විසින් දන්වා එවා ඇතැයිද කැරම් සම්මේලනයේ නිලධාරියෙක් ‘දිවයින’ට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

කසුන් රණවීර

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles