Divaina - ටී-10 තරගාවලියට සාජා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්නය පුපුරා යයි - පළාත් කණ්ඩායමේ නම වෙනස් කරලා ක‍්‍රීඩකයනුත් වෙනස් කළා - පුහුණුකරු - අවිශ්ක ගුණවර්ධන කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p16 2- පළාත් කණ්ඩායමක් සහභාගි වූ නිසා  කී‍්‍රඩා ඇමැතිගේ අනුමැතිය ඕනෑ නෑ -  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියයි

- ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් 2017 වසරේදී සාජා හී පැවැති ටී 10 තරගාවලියට යැවූ කණ්ඩායම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහකට ලක්ව ඇත්තේ අදාළ කණ්ඩායම එම තරගාවලියට යවා ඇත්තේ ක‍්‍රීඩා ඇමැතිවරයාගේ හෝ තේරීම් කමිටුවේ අනුමැතියකින් තොරව බවට අනාවරණය වීම හේතුවෙනි. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එය ප‍්‍රතික්ෂේප කරද්දී චෝදනාවට ලක්ව සිටින පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන අදාළ තරගාවලියේ සත්‍ය හෙළිකරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

උද්ගතවී ඇති තත්ත්වය අනුව ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙවැනි ප‍්‍රශ්නවලට උත්තර සෙවීම සඳහා කී‍්‍රඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් තවමත් ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර නොගෙන ප‍්‍රශ්නයට හේතු විමර්ශනය කරමින් සිටින බව සඳහන් වේ. කෙසේ වෙතත් වැරදි නිවැරදි නොකර ශ‍්‍රී ලංකා නාමය, ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයකු හෝ ක‍්‍රිකට් ආයතනය අයි. සී. සී. යෙන් හෝ වෙනත් කුමන පාර්ශවයකින් ‘බ්ලැක් ලිස්ට්’ වන්නේ නම් ඒ සම්බන්ධව වහාම පරීක්ෂණ පවත්වා නිවැරදි බව රටට හෙළි කිරීම මෙරට ක‍්‍රීඩාවට වගකියන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම වේ.

කෙසේ වෙතත් ‘දිවයින’ විසින් මේ සම්බන්ධව දිගින් දිගටම කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාළ තරගාවලිය එක් එක් ව්‍යාපාරිකයන් විසින් සංවිධානය කරන ලද තරගාවලියක් බවයි. එහෙත් එම තරගාවලියේ ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් සහභාගි වූයේ කෙසේද යන්න තවමත් ඇතැමුන්ට ඇත්තේ විශ්මය දනවන කරුණකි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උසස් නිලධාරීන්ගේ පොදු මතය වන්නේ එම තරගාවලියට ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාදිය යුතු නැති බවයි.

‘‘මේ තරගාවලියට ගියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නෙමෙයි. ඔය කියන තරගාවලිය සංවිධානය කළේ පෞද්ගලික අයිතිකරුවන් පිරිසක්. ඒ තරගාවලියට සහභාගි වුණේ අපේ පළාත් ශූරතාව දිනූ කණ්ඩායමක්. තරගාවලිය අවසන් වුණාට පස්සෙ අපි සහභාගී වු සියලූ ක‍්‍රීඩකයන්ට මුදල් ලබා දුන්නා. ඒ මුදල් ලබාදීමේදී ඔවුන් අත්සන් කළ සාක්ෂි අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් යවපු තරගාවලියක් නෙමෙයි. අපි කළේ තරගාවලියට යන අපේ කොන්ත‍්‍රාත්තුවේ ඉන්න ක‍්‍රීඩකයන්ට අනුමැතිය ලබාදීම පමණයි. ’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

p16 1මුදල් ලබාදීම සම්බන්ධයෙන් තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් පවසන්නේ රුපියල් ලක්ෂයක් වැනි මුදලක් තමන්ට තරගාවලියෙන් පසුව ගෙවූ බවත් එම මුදල් සම්බන්ධව හරියට මතක නැති බවත්ය. මෙම තරගාවලියට ක‍්‍රීඩා කළ තවත් ක‍්‍රීඩකයකුට විදෙස් කණ්ඩායමකට ක‍්‍රීඩා කිරීමට ඇ. ඩො. 25000 ක් ලබාදීමට එකඟ වුවත් ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම හේතුවෙන් අදාළ මුදල නොලැබුණු බවත් සඳහන් වේ. ක‍්‍රීඩයන්ට මුදල් ලබාදුන්නද පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලයට මුදල් ලබා නොදීමද පෞද්ගලික තරගාවලියකදී විමතිය දනවන කරුණකි.

ප‍්‍රශ්නයට තුඩු දී ඇති ටී 10 තරගාවලියේ අයිතිය ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටය. ඔවුන් විසින් ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ අවිශ්ක ගුණවර්ධනට යම් කිසි පුද්ගලයකු සමග සාකච්ඡුා කළ බවට චෝදනා කරමින් දැන් මාස 14 ක් ගෙවී ගොස් තිබේ. එහෙත් අයි. සී. සී. ය ද තවමත් ඒ සම්බන්ධව අවිශ්ක ගුණවර්ධන කළ වරදට ස්ථිර ද`ඩුවමක් හෝ ඔහු කළ වරද කුමක්ද යන්න හෙළි නොකර තිබීමද ප‍්‍රශ්නයට තුඩු දෙන ප‍්‍රධාන සාධකයක් වී තිබේ.

‘‘අවිශ්කගේ පරීක්ෂණය කරන්නේ අයි. සී. යී. යෙන්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය තමයි ඔය කියන තරගාවලියේ සංවිධායක අයිතිය දැරුවේ. ඒ නිසා අපිට අයි. සී. සී. ය කරන පරීක්ෂණයකට ඉහළින් යන්න බැහැ. ’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පවසයි.

උද්ගතවී ඇති තත්ත්වයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කණ්ඩායමේ ක‍්‍රීඩා කළ රමිත් රඹුක්වැල්ල විසින් දුන් කට උත්තරයක් බව පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පවසයි. ඔහුගේ ශරීර යෝග්‍යතාව සහ දක්ෂතා සැලකිල්ලට ගනිමින් අවිශ්ක පුහුණුකාර ධුරයේ සිටින විට ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ

ස්ථානයක් ඔහුට හිමි නොවීම හේතුවෙන් අදාළ චෝදනාව කර ඇති බවත් එය සහමුලින්ම අසත්‍ය වුවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොකිරීම අසාධාරණ බවත් අවිශ්ක වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් 2017 පැවැති විස්සයි විස්ස පළාත් තරගාවලියේ ශූරතාව දිනු කණ්ඩායම සාජා තරගාවලියට යා යුත්තේ නම් එම තරගාවලියේ ශූරතාව දිනා ඇත්තේ ගාල්ල කණ්ඩායම විසිනි. එම කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ සුරංග ලක්මාල්ය. නමුත් අවිශ්ක ගුණවර්ධනගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පවසා සිටියේ කොළඹ කණ්ඩායමේ තමා පුහුණුකරු වශයෙන් සිටින විට එම කණ්ඩායම ශූරතාව දිනා ගත් බවත් අදාළ වසර තමාට මතක නැති බවත්ය.

‘‘මට මතකයි ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ

නායකත්වයෙන් යුත් කණ්ඩායම ශූරතාව දිනා ගන්නවා. නමුත් ඔය කියන සාජා තරගාවලියට ගියේ ඔය කණ්ඩායම නෙමෙයි. අනිත් හැම කණ්ඩායමක්ම තමන්ගේ රටේ නම පාවිච්චි නොකර වෙනත් නම් පාවිච්චි කරමින් තරගාවලියට පැමිණියා. නමුත් අපි විතරයි ටීම් ශ‍්‍රී ලංකා නම භාවිතා කළේ. නමුත් කොළඹ කණ්ඩායම සහභාගි වුණානම් කොළඹ කණ්ඩායම ලෙස නම පාවිච්චි කළ යුතුයි. අනිත් කාරණය තමයි ඔය කියන කොළඹ කණ්ඩායමේ හිටපු නැති ෂෙහාන් මධුෂංක, රමිත් රඹුක්වැල්ල සහ තික්ෂිල ප‍්‍රනාන්දු යන අය වෙනත් කණ්ඩායම්වල ක‍්‍රීඩා කරලා සාජා තරගාවලියට එක් කළා. කොළඹ කණ්ඩායමේ අවසන් තරගය ක‍්‍රීඩා කළ ක‍්‍රීඩයන් දෙදෙනකුට එම තරගාවලිය අහිමි වුණා යනුවෙනි.

අදාළ ටී 10 තරගාවලියට ක‍්‍රීඩා කරනු ලැබූ අනිත් කණ්ඩායම් වූයේ ඔයින් මෝගන්ගේ

නායකත්වයෙන් යුත් කේරල කිංග්ස්, විරේන්ද්‍ර ෂෙවාර්ග්ගේ නායකත්වයෙන් යුත් මැරතන් ඇරබියන්ස්, ෂහිඞ් අෆ්රීඩිගේ නායකත්වයෙන් යුත් පක්ත්ටෝන්්, ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පන්ජාබි ලෙජන්ඞ්ස්, දිනේෂ් චන්දිමාල්ගේ

නායකත්වයෙන් යුත් ටීම් ශ‍්‍රී ලංකා සහ ෂර්ෆාස් අහමඞ්ගේ නායකත්වයෙන් යුත් බෙන්ගාල් ටයිගර්ස් යන කණ්ඩායම් හය පමණි. එහිදී විදෙස් රටක නම සඳහන් වූයේ ටීම් ශ‍්‍රී ලංකා පමණි.

සාජා හී පැවැති අදාළ ටී 10 තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අයිතිකරුවන් යැයි පැවසූ ව්‍යාපාරිකයන් දෙදෙනා එරට මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ දිනේෂ් චන්දිමාල්ව නායකත්වයට පත් කළේ තමන් යැයි යනුවෙනි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරද්දී අදාළ තරගාවලියට සහභාගි වී ඇති ක‍්‍රීඩකයන් වන්නේ දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, තිසර පෙරේරා, කසුන් මධුෂංක, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි, අලංකාර අසංක සහ ඇන්ජලෝ ජයසිංහ යන ක‍්‍රීඩයෝ වෙති.


2017 ටී 10 තරගාවලියේ ප‍්‍රධාන අයිතිකරු (මැද* සහ ටීම් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අයිතිකරුවන් දෙදෙනා (වමේ සහ දකුණේ)

අසේල විතාන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles