Divaina - ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලි 14කට ශ‍්‍රී ලංකාව වැඩ අරඹයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 1කොරෝනා වසංගතය හමුවේ මුළුගැන්වී තිබෙන දේශීය මලල ක‍්‍රීඩාවට යළිත් පණක් ලබා දෙමින් එළැඹෙන ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරමින් පුහුණුවීම්වලට අමතරව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි 14 ක් වෙනුවෙන් මෙම පුහුණු සහ වැඩමු`ථව ක‍්‍රියාත්මක වේ. ලබන 2021 වසරේදී ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය මෙන්ම 2021 වසරේදී මැයි මාසයේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාව මෙවර පුහුණුවේ ප‍්‍රධාන අරමුණක් වී තිබේ.

ඉකුත් 2019 වසරේ දි කටාර් හි පැවැති ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මිටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දිමට විදුෂා ලක්ෂානි සමත් විය. එහිදී ඇය විසින් මිටර 13.53 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුවාය. මීට අමතරව බාධක දිවීමේ ක‍්‍රීඩිකා තිලානි රත්නායක සහ හෙල්ල විසිකිරිමේ ක‍්‍රීඩක සුමේධ රණසිංහ මෙන්ම තුන්පිම්ම ක‍්‍රීඩිකා විදුෂා ලක්ෂානිද ඔලිම්පික් සුදුසුකම් ලැබිමේ පරිසාධන මට්ටමට ල`ගා වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ලබන පෙබරවාරි මාසයේදි ආසියානු මැරතන් ශූරතාව සඳහා තායිලන්තයට යෑමට නියමිතව තිබේ. අනතුරුව 15 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතාව හොංකොං හිදී පැවැත්වෙන අතර මාර්තු මස 11 වැනිදා සිට සිව්වැනි ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාව කුවේට්හිදී ආරම්භ වේ.

මීට අමතරව ජපානයේදී මාර්තු ම 21 වැනිදා ආසියානු ඇවිදීමේ ශූරතාවලිය පැවැත්වෙන අතර අපේ‍්‍රල් මස ආසියානු සහය දිවීමේ තරගාවලිය චීනයේදී පැවැත්වීමට නියමිතය. මැයි මසදි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවත් අනතුරුව ආසියානු ගෘහස්ත ක‍්‍රීඩා සහ සටන් කලා ක‍්‍රීඩා උළෙල බැංකොක් නුවරදී පැවැත්වීමට යෝජිතව තිබේ.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පුහුණුවීම් කෙන්යානු මලල ක‍්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම කියුබානු පුහුණුකරු මිරැුන්ඩෝ විසින් සිදුකරනු ලබයි. ඔවුන් දෙදෙනා විශේෂඥ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර දේශීය පුහුණුකරුවන් කිහිප දෙනෙක්ද ඔවුන්ගේ සහය සිටිති.

අසේල විතාන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles