Divaina - පළමු පෙළ ක‍්‍රිකට් යළිත් කල් යයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 3ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන දේශීය පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් ලබන 14 වැනිදා ආරම්භ කිරීමට යෝජිතව තිබුණද එම දිනට තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරියකු ‘දිවයින’ ට පැවසීය.
 
 අදාළ තරගාවලිය ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් ඉකුත් සතියේ සාකච්ඡුා කළද අතරමග නවතා දැමූ තරගාවලියක් යළිත් ආරම්භ කිරීමේදී සංශෝධනය විය යුතු ස්ථාන සකස් කරමින් එය මහා සභා රැුස්වීමකදී අනුමත කළ යුතුවේ. එබැවින් අදාළ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වීමට නියමිත බැවින් හෙට (14 දා) ආරම්භ වීමට නියමිතව තිබු පළමු පෙළ තරගාවලියේ ඉතිරි තරග තවත් සතියකින් හෝ දෙකකින් පසුපසට යෑමට නියමිතව තිබුණද ඒ සම්බන්ධව නිශ්චිත දිනයක් තවමත් ප‍්‍රකාශ කිරීමට නොහැකිව තිබේ.
 
 උද්ගතවී තත්ත්වය අනූව ලබන අගෝස්තු මස 05 වැනිදා යෙදෙන මහා මැතිවරණය හේතුවෙන් එම සතියේදී තරග කිරීමට නොහැකි වීමෙන් මේ මස අවසානයේදී තරගාවලිය ආරම්භ කරනවාද නැතහොත් මහා මැතිවරණයෙන් පසුව තරගාවලියේ ඉතිරි තරග ක‍්‍රියාත්මක කරනවාද යන්න සාකච්ඡුාවට බඳුන් වී තිබේ.
 
 මේ වන විට පළමු පෙළ ටියර් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ මූලික වටය අවසන්ව ඇති අතර එහිදී කණ්ඩායම් හතර බැගින් අදාළ කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් අටක් ශූරතාව සඳහා තරග වදිනු ලබයි. සුපිරි අට තරගාවලියේ පසුව ඉතිරිව කණ්ඩායම් හය පළඟ ශූරතාවට තරග වැදීමට නියමිතය.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles