Divaina - කැරිබියන් විස්සයි විස්ස අගෝස්තුවේ ඇරඹෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 2බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබැගෝ හිදී පැවැත්වීමට තීරණය කර තිබේ.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි වන විදෙස් ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න තවමත් ස්ථිරව නොමැති වුවත් තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය සියලූ සැලසුම් කොදෙව් ක‍්‍රිකට් ආයතනය විසින් සිදුකර තිබේ. කෝවිඞ් 19 වසංගතය හමුවේ වන සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම භාවිතා කරමින් තරගාවලිය පැවැත්වීමට ඔවුන් සැලසුම් කර ඇත.
 
 ‘‘සියලූම කණ්ඩායම් සහ නිලධාරින් එක් හෝටලයක නවාතැන් ගන්නවා. ඔවුන් රට තුළ සිටින පළමු සති දෙක සඳහා දැඩි නිරෝධායන ප්‍රොටෝකෝලයන්ට යටත් වෙන්න වෙනවා. පිටරට සිට සංචාරය කරන සෑම කෙනෙකුම පිටත්ව යාමට සහ නැවත පැමිණිමට පෙර කොවිඞ් 19 පරීක්ෂාව කරන්න ඕන.’’ යනුවෙන් කොදෙව් ක‍්‍රිකට් ආයතනය පවසයි.
 
 බටහිර ඉන්දීය කොදෙව් හී කොරෝනා ආසාදිතයන් 133 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 117 ක් සුවවී තිබේ. කිසිදු මරණයක් වාර්තාවී නොමැති බවද වාර්තා වේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles