Divaina - කොදෙව්වන්ගේ පහසු අභියෝගයට ආචර් හරස් වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 2ෂැනොන් ගැබ්රිල්ගේ වේග පන්දුව හමුවේ අසරණ වූ සත්කාරක එංගලන්ත කණ්ඩායම සවුත්හැම්ටන් හී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ලකුණු 313 කට සීමා විය. පළමු ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 114 ක වාසියක් ලබා ගැනීම හේතුවෙන් ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 200 ක් හිමිවිය.
 
 කොරෝනා වසංගතයෙන් මාස පහකට පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග ආරම්භ කරමින් කොදෙව්වන් සහ එංගලන්තය පේ‍්‍රක්ෂකයන් නොමැතිව තරග ආරම්භ කිරීම ලොවම අවධානය පාත‍්‍ර විය. කෙසේ වෙතත් මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ ඊයේ උදෑසන පිති ප‍්‍රහාරය ආරම්භ කළ එංගලන්ත පිලේ කඩුලූ අටක් ලකුණු 284 කට බිඳ වැටී තිබුණි. නමුත් අවසන් කඩුලූ දෙකට ලකුණු 29 ක් එක් කිරීම හේතුවෙන් කොදෙව්වන්ගේ ජයග‍්‍රාහී ඉලක්කය දෙසීයේ සීමාවේ නැවතුණි.
 
 එංගලන්ත පිලේ පළමු පිතිකරුවන් පස්දෙනා විසින් ලකුණු පුවරුවට මුළු ලකුණු 243 ක් එක් කරද අවසන් පිතිකරුවන් හය දෙනාටම එක්කර ගත හැකිවුයේ ලකුණු 53 ක් පමණි. එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට ඩොම් සිබ්ලි (50) සහ ෂැක් ක‍්‍රව්ලි (76) සමත් විය.
 
 කොදෙව්වන්ව ඔසවා තැබු ග‍්‍රැබ්රිල් පන්දුවාර 21.2 ක් යවා ලකුණු 75 කට එංගලන්ත පිලේ කඩුලූ පහක් උදුරා ගත්තේය. නමුත් ලකුණු 200 ක ඉලක්කය කොදෙව්වන්ට අසීරු අභියෝගයක් බවට පත් කළ එංගලන්ත පන්දු යවන්නෝ පළමු කඩුලූ තුනම ලකුණු 27 කදී ගලවා දැමුවේය.
 
 බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පළමු කඩුලූ දෙකම ආචර් විසින් බි`ද දමද්දී වුඞ් විසින් එක් කඩුල්ලක් අයිතිකර ගත්තේය.
 
 ලකුණු තත්ත්වය
 
 එංගලන්තය පළමු ඉනිම 204 යි.
 
 බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ඉනිම ලකුණු 318 යි.
 
 එංගලන්තය දෙවැනි ඉනිම 313 යි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles