Divaina - අවිශ්ක ගුණවර්ධන ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අසේල විතාන
 
avisska134හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක මෙන්ම ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරුවකු වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් පනවා ඇති තහනම සම්බන්ධව ක‍්‍රීඩා අමාත්‍යාංශයට ඔහු පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබේ.
 
 2017 වසරේදී සාජා හී පැවැති ටී. 10 තරගාවලියකදී යම් කිසි පුද්ගලයකු සමග කතා කළ බවට අයි. සී. සී. ය විසින් අවිශ්ක ගුණවර්ධනට චෝදනා කර තිබේ. එම චෝදනාව අසත්‍ය බවත් තමාගේ ක‍්‍රිකට් ජීවිත කාලයටම කිසිම බුකීකරුවකු මුණ ගැසී නොමැති බවත් අවිශ්ක ගුණවර්ධන පවසයි.
 
 ‘‘මගේ ජීවිත කාලයටම කිසිම බුකීකරුවකු මට මුණ ගැහිලත් නැහැ කතා කරලත් නැහැ. අනිවාර්යෙන්ම එහෙම කතා කළානම් මම පැමිණිලි කරනවා. නමුත් කිසිම සාධකයක් නොමැතිව දැනට මාස 14 ක් වෙනවා මට තහනමක් දාලා. ඒ සම්බන්ධව මම පරීක්ෂණයක් ඉල්ලූවත් ක‍්‍රිකට් ආයතනය දෙන්නෙ නැහැ. අයි. සී. සී. පරීක්ෂණයක් කරන්නෙත් නැහැ. නමුත් දැන් ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය තියෙන නිසා ඒ හරහා සාධාරණයක් බලාපොරොත්තුවෙන් මම ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ලේකම්වරයාට පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ’’ යනුවෙන් අවිශ්ක ගුණවර්ධන පවසයි.
 
 ක‍්‍රීඩා පනතේ 2019 අංක 24 දරණ වගන්තිය අනුව කී‍්‍රඩාවේ සිදුවන අසාධාරණ සහ අක‍්‍රමිකතා සම්බන්ධව පරීක්ෂන පැවැත්වීමට හැකියාව තිබේ. නමුත් අවිශ්ක ගුණවර්ධනට 2019 දී අදාළ තහනම පනවන විට එය සම්මත වී නොතිබුණද ඔහුට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් අදාළ ඒකකය හරහා සාධාරණය බලාපොරොත්තුවෙන් ඔහු ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන බව පවසයි.
 
 ‘‘ඔය කියන ටී 10 තරගාවලියට අපිව යැව්වෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන්. අපි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කරලා තියෙන නිසා ඒ අය කියන තරගාවලිවලට යා යුතුයි. ඔය තරගාවලියට ගිය කණ්ඩායමට ක‍්‍රීඩා ඇමැතිවරයා අත්සන් කරලත් නැහැ. තේරීම් කමිටුව කණ්ඩායම නම් කරලත් නැහැ. අයි. සී. සී. ය කියන පුද්ගලයා සමග මම කතා කරලත් නැහැ. ඒවා පෙන්වන්න ඔවුන්ට සාක්කිත් නැහැ. ඒත් තහනමක් පනවලා තියෙනවා. මෙතන මොකක් හරි කුමන්ත‍්‍රණයක් තියෙන බව පැහැදිලියි. ඒ නිසා ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හරහා සාධාරණය සොයන්න මම පැමිණිලි කරනවා. ’’
 
 අවිශ්ක ගුණවර්ධන පැමිණිලි කළද අදාළ විමර්ශනය සිදුකළ යුතුද යන්න තීරණය කළ යුත්තේ ක‍්‍රීඩා ඇමැතිවරයා හෝ ක‍්‍රීඩා ලේකම් වරයාවේ. යම් හෙයකින් අදාළ බළධාරීන් ඒ පැමිණිල්ල කුණු බක්කියකට දැමුවොත් අවිශ්ක ගුණවර්ධනලාට සාධාරණය ඉටු නොවන අතර ක‍්‍රිකට් පරිපාලකයන් යළිත් ගොඩ යනු ඇත. කෙසේ වෙතත් 2011 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ණ සති දෙකක් ඇතුළත සිදුකර අවසන් කළාක් මෙන් අවිශ්කගේ ප‍්‍රශ්නයද ඉතාමත් ඉක්මනින් විසඳෙනු ඇතැයි ඔහු බලාපොරොත්තුවෙන් පසුවන බව ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles