Divaina - ආසියානු ක‍්‍රිකට් කුසලාන වසරකින් කල් යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ලබන සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන 2021 වසරේ ජුනි මාසය දක්වා කල් දැමීමට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව අදාළ තරගාවලියේ සත්කාරකත්වය කලින් තීරණය කර තිබූ පරිදි ශ‍්‍රී ලංකාවටම ලබාදී තිබේ.
 
කෝවිඞ් 19 වසංගතය හමුවේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබු මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබුණද තවමත් ගෝලීය වසංගතය උඩු දුවන බැවින් වසරකින් තරගාවලිය කල් දැමීමට ආසියානු ක‍්‍රිකට් විධායක සභාව ඒකමතිකව තිරණය කර තිබේ.
 
 ‘‘සංචාරක සීමා කිරීම්, රට සඳහා පිවිසීමේදී විශේෂිත නිරෝධායනය අවශ්‍යතා, සමාජ දුරස්ථ භාවය සහ අවදානම සලකා බලා ආසියානු කුසලාන කල් දැමුවා ’’ යැයි ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ආසියානු කුසලාන තරගාවලිය කල්දැමීමෙන් පසුව විස්සයි විස්ස ලෝක කුසලාන ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට හැකිද යන්න අයි. සී. සී. ය විසින් ඉදිරි සතියේදී තීරණය කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
 
 2021 වසරේදී ආසියානු තරගාවලියේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට ලබාදුන්නද 2022 වසරේදී අදාළ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට ආසියානු ක‍්‍රිකට් විධායක කමිටු තීරණය කර තිබේ. අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලිය 2018 වසරේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වුණි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles