Divaina - බංග්ලාදේශයට නවීඞ් නවාස්ව නැතිව බැරි වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 2බංග්ලාදේශයට යොවුන් ක‍්‍රිකට් ලෝක කුසලාන දිනා දීමේ තිරය පිටු පස සිටිමින් දැවැන්ත රාජකාරියක් කළ ප‍්‍රධාන පුහුණුකරු නවීඞ් නවාස්ගේ සේවාව 2022 දක්වා දීර්ඝ කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ සෙසු පුහුණු කාර්ය මණ්ඩලයේද සේවය දීර්ඝ කර තිබේ.
 
 ‘‘අපේ යොවුන් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට සම්බන්ධ වු සියලූ දෙනාම විශාල රාජකාරියක් කරල තියෙනවා. එහෙම වැඩ කරන්නෙ නැතිව ලෝක කුසලාන දිනා ගන්න බැහැ. ඒ හින්දා අපි ඔවුන්ගේ සේවාව 2022 දක්වා තියාගන්න කටයුතු කරනවා. අපි දින්නෙ යොවුන් ලෝක කුසලානයක් වුණත් ඒක අපි ක‍්‍රිකට් ලෝක කුසලාන දින්නා වගේ.’’ යැයි අදාළ සේවා දිගුව ලබාදීමෙන් පසුව බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි පවසයි.
 
 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම 2000 වසරේදී ටෙස්ට් වරම් ලැබුවද ඔවුන් කුමන ආකාරයකට හෝ ක‍්‍රිකට් ලෝක කුසලානක් දිනා ගැනීමට ඉකුත් 2019 වසරේදී සමත් විය. එහිදී වසර කිහිපයක්ම ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ නවීඞ් නවාස් ඊට පෙර ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සහ කාන්තා කණ්ඩායමේ මෙන්ම ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේද පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ.
 
 ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇති නවීඞ් නවාස් මේ වන විට 46 වැනි වියේ පසුවන අතර ඔහු ටෙස්ට් තරගයක් සහ එක්දින තරග තුනක් වෙනුවෙන් ජාතික කණ්ඩායමට දායකත්වය ලබාදී තිබේ. පළමු පෙළ තරග 131 ක අත්දැකීම් නවීඞ් නවාස් එහිදී පිිතිකරුවකු ලෙස මුළු ලකුණු 6892 ක් ලබා තිබේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles