Divaina - ආසියානු කුසලානට ඉන්දියාවේ පැමිණීම වැට උඩ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 3ආසියානු ක‍්‍රිකට් ශූරතාව මේ වසරේ අග භාගයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබුණද ඉන්දියාවේ පැමිණීම කොරෝනා වසංගතය හේතුවෙන් අවිනිශ්චිත බව එරට ක‍්‍රිකට් භාණ්ඩාගාරික අරුන් දුමාල් පවසයි.
 
 ‘ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය විසින් අපට ආරාධනා කළ යුතුයි. ඊට පස්සෙ තමයි අපි බලන්නෙ එහි සංචාරය කිරීම ආරක්ෂිතද නැද්ද කියලා. මේ වන විට ජාත්‍යන්තර සංචාර කිසිවක් සිදුවන්නේ නැහැ. එබැවින් අපට සංචාර කරන්න පුළුවන් ආරක්ෂිත වටපිටාවක් තියෙයිද යන්න අපට විශ්වාස නැහැ.’’ යනුවෙන් ඉන්දියානු ක‍්‍රිකට් භාණ්ඩාගාරික අරුන් දුමාල් පවසයි.
 
 ඉදිරියේ ඇති කිසිම තරගාවලියක් සම්බන්ධව ස්ථිර විසඳුමක් මේ වන විට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට ලබාදිය නොහැකි බව දුමාල් පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන සහ අයි.පී.එල්. තරගාවලි පැවැත්වීමට ඇති හැකියාවද තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
 මීට පෙර ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට යෝජිතව තිබුණත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලනික විරසකය මෙන්ම කොරෝනා වසංගතය හමුවේ එම තරගාවලිය ශ‍්‍රී ලංකාවට ලබාදීමට ආසියානු ක‍්‍රිකට් සම්මේලන තීරණය කර තිබේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles