Divaina - උසස් පෙළට දිනයක් නොමැතිව රග්බි තරගාවලි කොට උඩ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නතර කෙරණු අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නැවතත් ආරම්භ කිරීමේ දිනය පිළිබඳ තවමත් තීරණයක් නැතැයි ශී‍්‍ර ලංකා පාසල් රග්බි සම්මේලනය කියා සිටී. දිවයින පුරා රජයේ පාසල් නැවතත් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කිරීමත් සමගම අන්තර් පාසල් ලීග් රග්බි ආරම්භය පිළිබඳව ‘දිවයින’ කළ විමසුමකදී සම්මේලනයේ නිලධාරියෙක් මේ පිළිබඳ කියා සිටියේය.

ලොව පුරා පැතිර ගිය කොරා්නා වෛරස් වසංගත තත්ත්ව හේතුවෙන් මාස 03ක පමණ කාලයක් මෙරට කී‍්‍රඩා තරග ඇතුළු සියලූ පුහුණුවීම් කටයුතුද නතර කර දැමුණු අතර පාසල්ද වසා දැමුණි. එ් අනුව පසුගිය

මාර්තු මාසයේ සිට අන්තර් පාසල් ලීග් රග්බි පළමු පෙළ තරගාවලියද අතරමැද නවතා දැමීමට සිදු විය. එ් අනුව පාසල්ද වසා දැමීම මත උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවද දින නියමයක් නොමැතිව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය. කෙසේ වෙතත් මේ වන විටත් උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳ තවමත් දන්වා නොමැතිකමින් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කිරීමට නොහැකි බව ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය කියා සිටී.

‘පාසල් වාරය ආරම්භ කෙරුණාට තවම උසස් පෙළ පැවැත්වෙන දිනයක් ගැන දන්නේ නැහැ. මොකද උසස් පෙළ විභාගයෙන් පස්සේ තමයි අපිට තරග පටන් ගන්න පුළුවන්. අපි දැනට සූදානම් වෙලා ඉන්නේ උසස් පෙළ විභාගය ඉවර වෙලා සති දෙකකින් විතර පටන් ගන්න. එහෙත් උසස් පෙළ පැවැත්වෙන්නේ කවදාද කියලා අපි තවම දන්නේ නැහැ’ යැයි ‘දිවයින’ කළ විමසුකදී පාසල් රග්බි සම්මේලනය වැඩිදුරටත් කියා සිටියේය.

කසුන් රණවීර







 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles