Divaina - මිලියන තිහක වියදමින් සභාපති කුසලාන පාපන්දු සටනට කණ්‌ඩාම් විස්‌සක්‌.... පේ‍්‍රක්ෂකයන් නොමැතිව තරග පැවැත්වීමේ තීන්දුවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


අසේල විතාන
 
 
  කොරෝනා වසංගතය හමුවේ නැවතුන පාපන්දු ක‍්‍රීඩාවට නව ජවයක් එක් කරමින් සභාපති කුසලාන නමින් පාපන්දු තරගාවලියක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
 
 අදාළ තරගාවලිය සඳහා කණ්ඩායම් විස්සක් සහභාගි වීමට නියමිත අතර එම සෑම කණ්ඩායමකටම රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. මෙම ආරාධිත පාපන්දු තරගාවලියේ කණ්ඩායම් විස්ස කාණ්ඩ පහක් යටතේ තරග වැදීමට නියමිතය.
 
 පළමු වටය අවසානයේදී එක් එක් කාණ්ඩවලින් ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් තෝරා එම කණ්ඩායම් දහයකට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදීමට නියමිතය. පිළිමලූන් පිටුදැකීමේ ක‍්‍රමයට එම වටයේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ. තරගාවලියේ මුදල් ලබාදීමේ අවසන් පූර්ව වටයට තේරෙන කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ දෙකහමාරක්ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ පහ බැගින්ද ලබාදීමට කටයුතු යොදා තිබේ.
 
 සභාපති කුසලාන සඳහා පැවැත්වෙන පාපන්දු තරගාවලියට රුපියල් ලක් 30 ක් වෙන් කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ලබන 26 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා සමස්ත තරග 40 ක් පමණ පැවැත්වෙනු ඇත. සියලූම තරග අගෝස්තු මස 26 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිතව තිබේ.
 
 කෙසේ වෙතත් ගෝලීය වසංගතය හේතුවෙන් ඇන හිට තිබූ දේශීය ක‍්‍රීඩාවට නව පණක් ලබාදෙමින් මෙවැනි තරගාවලියක් පැවැත්වීම අගය කළ යුතු වුවද තවදුරටත් කොරෝනා වසංගතය හමුවේ ජනතාව ආරක්ෂා කිරීම හේතුවෙන් රජයේ සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම පිළිපදිමින් තරගාවලිය පැවැත්වේ.
 
 ඒ අනුව තරග නැරඹීම පේ‍්‍රක්ෂකයන්ට තහනම් වන අතර ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ අදාළ නිලධාරීන්ට පමණක් ක‍්‍රීඩාංගණයට ඇතුල් විය හැකි ආකාරයට තරගාවලිය පැවැත්වේ. නමුත් මාධ්‍යවේදීන්ට එම තරගාවලිය ආවරණය කළ හැකි අතර වෙනත් කිසිවකුට ක‍්‍රීඩාංගණවලට ඇතුල් විය නොහැකි ලෙසට තරගාවලිය සංවිධානය කිරීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
 
 පසුගියදා පත්වූ ශ‍්‍රී ලංකා පාපන්දු නව පුහුණුකරු අමීර් ඇලජික් ඇතුළු පාපන්දු තේරීම් කමිටු සාමාජිකයන්ටද තරග නැරඹීමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව පෙලිකන්ස්, නිගම්බු යූත්, අනුරාධපුර සොලීඞ් යන ක‍්‍රීඩා සමාජ මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඒ වෙනුවට ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මොරගස්මුල්ල හා නිව් ස්ටාර් යන ක‍්‍රීඩා සමාජ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 තරගාවලිය නියෝජනය කරන පාපන්දු කණ්ඩායම්
 
 යුද හමුදාව, කොළඹ පාපන්දු සමාජය, කළුතර බ්ලූ ස්ටාර්, නාවික හමුදාව, රිනවුන්, රත්නම්, අප් කන්ටි‍්‍ර ලයන්ස්, ගුවන් හමුදාව, රෙඞ් ස්ටාර්, වෙන්නප්පුව නිව් යංග්ස්, මාතර සිටි, ජාවාලේන්, සෝන්ඩර්ස්, ශ‍්‍රී ලංකා පොලිසිය, සෙරන්ඩිබ්, ක‍්‍රිස්ටල් පැලස්, සුපර් සන්, නිව්ස්ටාර්, ශ‍්‍රී ලංගම සහ මොරගස්මුල්ල
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles