ශ්‍රී ලංකාවේ ඌව විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවට ලෝකයටම බොරු ප්‍රවෘත්තියක් මවමින් වෙනත් ස්ථානයක පැවැත්වූ තරගාවලියේ මහ මොළකරු හෙවත් බුකී ඔස්තාර්ව ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රවීන්දර් සිං දණ්ඩිවාල් නැමැති මොහු මොහාලි හී පදිංචිකරුවකු වන අතර ඔස්ටේ්රලියානු පොලිසිය විසින් අදාළ චුදිතයාව හඳුනාගෙන ඉන්දියානු පොලිසියට දැන්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන්ගේ නම් යොදා පවත්වමින් බුකී කරුවන්ගේ ඕනෑ එපාකම් මත ක්‍රීඩකයන්ව ක්‍රීඩා කිරීමේ කූට උපක්‍රම යෙ¥ තරගාවලිය පන්ජාබයේ පවත්වා තිබේ.
‘‘මීට පෙර අත්අඩංගුවට ගත් විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුවා.’’ යැයි ඉන්දියානු පොලිසිය සඳහන් කර තිබේ. අදාළ පුද්ගලයන් ටෙනිස් තරගද පාවාදීම් සම්බන්ධයෙන් කටයුතු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.