Divaina - අයි.පී.එල්. සත්කාරකත්වයට තුන්කොන් සටනක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ipl135ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් 13 වැනි වරටත් පවත්වනු ලබන අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමට මෙවර ඉන්දියාවේ නොහැකිවීම හේතුවෙන් එම තරගාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ, ශ‍්‍රී ලංකාවේ හෝ නවසීලන්තයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
 
 කොරෝනා වසංගතය ඉන්දියාව පුරාම ව්‍යාප්ත වීමෙන් ක‍්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීමට හෝ එක් නගරයකින් තවත් නගරයකට ගමන් කිරීමේ අපහසුතා රැුසක් මතුවීම මෙන්ම විදෙස් ක‍්‍රීඩකයන්ව ගෙන්වා ගැනීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් සිය රටෙන් පිටත අයි.පී.එල්. පැවැත්වීම සම්බන්ධව ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය අවධානය යොමු කර තිබේ.
 
 කෙසේ වෙතත් ඉදිරි දින දහය ඇතුළත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නොහැකි බවට අයි.සී.සී. ප‍්‍රකාශ කළහොත් අයි.පී.එල්. තරගාවලියේ සත්කාරකත්වය ලබාදෙන රට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විිසින් තීරණය කිරීමට නියමිතව තිබේ. යම් හෙයකින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
 
 කෙටි දුරක් ඇතුළත තරග පැවැත්වීමේ හැකියාව සලකා බලා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු කර තිබේ. ක‍්‍රීඩකයන්ද ඩුබායි රැු`දී සිටීමට විශේෂ කැමැත්තක් දක්වන බැවින් ඒ කෙරෙහි ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමු කර තිබේ.
 
 ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් සාකච්ඡුාවට බඳුන්වන අනෙක් රාජ්‍ය වන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඊට එකතු වු නවතම රාජ්‍ය නවසීලන්තය වේ. කෙසේ වෙතත් ඉහත රටවල් තුනෙන් මෙවර අයි.පී.එල්. පවත්වන රාජ්‍ය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධ නිවේදනයෙන් පසුව තීරණය කිරීමට නියමිතය. අයි.පී.එල්. තරගාවලිය ලබන සැප්තැම්බර් සහ නොවැම්බර් මාස අතර පැවැත්වීමට නියමිතව තිබේ.


 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles