Divaina - ඔක්තෝබර් මාසයේදී යළිත් වොලිබෝලය පිටියට

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මෙරට තුළ වොලිබෝල් තරගාවලි නැවත ආරම්භ කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව ලබන ඔක්තෝබර් මාසයේ සිට වොලිබෝල් තරග ආරම්භ කිරීමට පියවර ගන්න බව ශී‍්‍ර ලංකා වොලිබොල් සංගමයේ ලේකම් එ්.එස්. නාලක මහතා කියා සිටී.

කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් නතර කර තිබූ බොහෝ කී‍්‍රඩා ඉසව් මේ වනවිට ආරම්භ කර තිබේ. එ් අනුව වොලිබෝල් ජාතික සංචිතයේ තරගාවලි ආරම්භ කිරීම පිළිබඳ වොලිබෝල් සම්මේලන ලේකම්වරයාගෙන් ‘දිවයින’ විමසීමක් කළේය. එහිදී අදහස් දැක්වූ ලේකම්වරයා ‘වොලිබෝල් ජාතික සංචිතයේ තරගාවලිය අපි ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරනවා. එ් කියන්නේ කොරෝනා වසංගත තත්ත්වය හරි ආකාරව තවමත් තුරන් වෙලා නැති නිසා හතරවෙනි කාර්තුවේදී තමයි අපි නැවත කී‍්‍රඩා කිරීම ආරම්භ කරන්න දැනට සැලසුම් සකස් කරන් ඉන්නේ’ යැයි කියා සිටියේය.

මේ අතර බීච් වොලිබෝල් සංචිත පුහුණුවීම් මේ වනවිට ආරම්භ කර ඇති අතර එ් පිළිබඳ අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා වොලිබෝල් ලේකම්වරයා ‘අපි දැනට බීච් වොලිබෝල් සංචිත පුහුණු කිරීම් සිදු කරගෙන යනවා. ආසියානු ශුරතාවලිය ඉලක්ක කර ගනිමින් තමයි අපි බීච් වොලිබෝල් සංචිත පුහුණුවීම් ආරම්භ කළේ’ යැයි වැඩිදුරටත් කියා සිටියේය.

කසුන් රණවීර

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles