Divaina - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මයිකෝලා සමග එක්වෙයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 3මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම සහකරු වශයෙන්  සහයෝගීතාවයකට එළැඹ සිටියි. එ් අනුව මේ වසරේ ජූලි 01 වැනිදා සිට වසර ඉදිරි වසර 03 ක කාලයක් සඳහා දෙපාර්ශ්වය ගිවිසුම් ගතව සිටින අතර ඒ පිළිබඳ වූ ගිවිසුම පසුගියදා අත්සන් තැබිණ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙනුවෙන් මොහාන් ද සිල්වා මහතාත්, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මහින්ද පෙරේරා මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ. එම අවස්ථාවට ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ප‍්‍රනාන්දු මෙන්ම විස්සයි-20 නායක ලසිත් මාලිංග යන මහත්වරු සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මොහාන් ද සිල්වා මහතා, ”කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය මාස කීපයේදී සියලූ ආකාරයේ ක‍්‍රිකට් තරග නැවැත්වුණු බැවින් මෙම සම්බන්ධතාවය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒ වගේම එය ක‍්‍රීඩාව සහ ක‍්‍රිකට් රසිකයින්ගේ  ප‍්‍රයෝජනය සඳහා සක‍්‍රීය තරගකාරීත්වයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බවත් සඳහන් කර සිටියේය.

මෙම හවුල්කාරීත්වය යටතේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සියලූ උත්සව අවස්ථාවන්ට, ආගන්තුක සත්කාරක ස්ථානවලට මෙන්ම ආගන්තුකයින්ට, ප‍්‍රභූවරුන්ට මෙන්ම සියලූම ක‍්‍රීඩකයින්ට සංග‍්‍රහ කිරීමේ අයිතිය මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම සැලකිය යුතු ආයෝජනයක් සිදුකරනු ඇත.

කසුන් රණවීර
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles