Divaina - මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 22011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාවට අදාළ පරික්ෂණ අවසන් වීමත් සමගම අදාළ චෝදනාව එල්ල කළ හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එ් අනුව සමාජවාදී තරුණ සංගමය විසින් අදාළ පැමිණිල්ල අද (06 වැනිදා) කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බවට ‘දිවයින’ට වාර්තා වේ.
 
 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාවාදීමක් සිදුවී ඇතැයිද එදින කී‍්‍රඩාකළ සංචිතය සැක සහිත බවද කියමින් හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා චෝදනාවක් එල්ල කළේය. එ් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් කී‍්‍රඩකයින් සහ එවක තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම පසුගියද ආරම්භ කෙරිණි. එ් අනුව කොළඹ සුගතදාස  කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ ඉදිකර තිබෙන කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය මගින් 2011 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන්,  2011 ලෝක කුසලනා කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි කුමාර සංගක්කාරගෙන් සහ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ උපුල් තරංගගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම පසුගියදා සිදු කෙරිණි. එහිදී අදාළ ප‍්‍රකාශ අව්‍යාජ බවත් එ්වා එකින් එකට පරස්පර නොවන බවත් තරගාවලිය අතරතුර සංචිතය වෙනස්වීමට බලපෑ ප‍්‍රායෝගික හේතු ඔවුන් විසින් නිවැරදිව ඉදිරිපත් කළ බවත් හේතුකොට ගනිමින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය සම්බන්ධයෙන් දියත් කළ පොලිස් විමර්ශන නතර කර දැමීමට කී‍්‍රඩා වැරදි සෙවීමේ පොලිස් විශේෂ විමර්ශන එ්කකය කටයුතු කළේය.
 
 කෙසේ වෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අවසන් වීමෙන් පසු චෝදනාව එල්ල කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක මේ වන විට ඉදිරිපත් වී තිබේ. එ් අනුව කී‍්‍රඩා වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකයෙන් මේ පිළිබඳ ‘දිවයින’ කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේනතුව හරහා මේ පිළිබඳ කි‍්‍රයාකරනු ඇතැයි ඔවුහු කියා සිටියහ.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles