Divaina - නව දැල්පන්දු පුහුණුකාරිය වැඩ අරඹයි - කණ්ඩායම පුහුණු කිරීම මුල ඉඳලම පටන් ගන්නවා - නව පුහුණුකාරිය සොමිතා අල්විස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 1ශී‍්‍ර ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිය ලෙස සොමිතා අල්විස් මහත්මිය පත් කර තිබේ. ශී‍්‍ර ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාරිට ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මහත්මිය පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එ් අනුව දැල්පන්දු නව පුහුණුකාරිණිය ලෙස සොමිතා අල්විස් මහත්මිය පත් කිරීමට පියවර ගත් බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂමී වික්ටෝරියා මහත්මිය ඊයේ (06 වැනිදා) ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

51 හැවිරිදි සොමිතා අල්විස් මහත්මිය මීට පෙර 2010 වසරේදී කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ අතර 2013 වසරේ ජාතික කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළාය. අනතුරුව එච්එන්බී කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ ඇය එහිදී පිට පිටම වසර 12ක් ජාතික ශූරතාව සිය කණ්ඩායමට දිනා දීමට සමත් වූවාය. අවසන් වරට නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙසින් කටයුතු කළ සොමිතා අල්විස් මහත්මිය 2016 සහ 2017 වසරේදී ජාතික ශූරතාව නාවික හමුදා කණ්ඩායමට දිනා දීමට ඇප කැප වූවාය.

සොමිතා අල්විස් කැපී පෙනෙන දැල්පන්දු පුහුණුකාරියක් ලෙස සැලකෙන අතර ඇය 1995 (එංගලන්තය), 1999 (නවසීලන්තය) සහ 2003 (ජැමෙයිකාව) යන ලෝක කුසලාන තුනකට ශ‍්‍රී ලංකාව නියෝජනය කර තිබේ. මීට අමතරව 2003 ජැමෙයිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඇය ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නාය. ඇය මීට පෙර 1998 සහ 1999 දී උප නායිකාව ලෙස සේවය කර ඇත.

‘කණ්ඩායම පුහුණු කිරීම මුල ඉඳලම පටන් ගන්න වේවි. මොකද මේ වනකොට සියලූම පුහුණුවීම් නතර වෙලා තියෙන නිසා. කී‍්‍රඩිකාවෝ ගෙදර ඉඳන් ඔන්ලයින් තමයි පුහුණුවීම් කළේ. ඉතින් මාස ගණනකට පස්සේ නැවත කී‍්‍රඩිකාවන්ගේ තත්ත්වය බලලා අලූතින් පුහුණුවීම් පටන් ගන්න එක ලොකු අභියෝගයක්. මං හිතන්නේ මට පළමුවෙන්ම තියෙන්නේ ‘ඉන්ඩෝ නෙට්බෝල් ගේම්’ එකට කණ්ඩායම හදන එක. එ්කට කණ්ඩායම පුහුණු කිරීම සඳහා පළමුවෙන් හොඳ සැලැස්මක් හදන එක තමයි මගේ බලාපොරොත්තුව’ යැයි ශී‍්‍ර ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිණි සොමිතා අල්විස් ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියාය.

කෙසේ වෙතත් ඉදිරි තරඟාවලි සඳහා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීමේ වගකීම නව පුහුණුකාරිය වෙත පැවරෙන අතර 2022 ආසියානු ශූරතාවලියට පෙර ශක්තිමක් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ කණ්ඩායම් දෙකක් නිර්මාණය කිරීමේ අභියෝගය ඇය සතු වේ.

ශී‍්‍ර ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකාරිනි තිලක ජිනදාස මහත්මිය 2018 ජනවාරි මාසයේ සිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ අතර 2009 න් පසු ප‍්‍රථම වතාවට ඇයගේ පුහුණුකාරීත්වය යටතේ ආසියානු ශූරතාවක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකි විය. 2018 සිට 2019 අවසානය දක්වා ඇයගේ කාලය තුළ ශ‍්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්හී 28 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා ඉහළ ගියේය.

කසුන් රණවීර
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles