Divaina - කට උත්තර දෙන්න ඇවිත් මහේල හැරී යයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කසුන් රණවීර
 
mahela222 2011 ලෝක කුසලාන පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක මහේල ජයවර්ධනහට ඊයේ (03 වැනිදා* කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය වෙත පැමිණීමට දන්වා තිබුණි. ඒ අනුව ඊයේ එම ප‍්‍රකාශය ලබාදීමට පැමිණි මහේල ජයවර්ධනහට ආපසු හැරී යෑමට සිදුවී ඇති අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට වෙනත් දිනයක පැමිණෙන ලෙස කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය මහේලට දන්වා තිබේ.
 
 හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ¥ෂණයක් සිදුවී ඇතැයි කළ චෝදනාව සම්බන්ධයෙන් කී‍්‍රඩකයින් සහ එවක තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම පසුගියදා ආරම්භ කෙරිණි. එ් අනුව කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ ඉදිකර තිබෙන කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය මගින් 2011 ශී‍්‍ර ලංකා කණ්ඩායෙම් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන්, 2011 ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි කුමාර සංගක්කාරගෙන් සහ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ උපුල් තරංග යන අයගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම පසුගියදා සිදු කෙරිණි.
 
 2011 ලෝක කුසලාන කණ්ඩායමේ සිටි මහේල ජයවර්ධනගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය වෙත පැමිණෙන ලෙස පෙරේදා (02 වැනිදා* දන්වා තිබුණ ද ඊයේ (03 වැනිදා* එම තීරණය වෙනස් කරමින් මහේල ජයවර්ධනහට කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකයට ඊයේ නොපැමිණෙන ලෙස එම එ්කකය දන්වා තිබේ.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles