Divaina - ‘මැච්ෆික්ෂින් බයිලා’ න්‍යාය සහ සත්‍ය සෙවීමේ මෙහෙයුම...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

fiixin135තරග පාවාදීමේ හිසේ ඇම්ම හෙවත් ‘මැච් ෆික්ෂින්’ කතන්දර ඇති වැඩිම රට ශ‍්‍රී ලංකාව බවට පත්ව තිබේ. අයි. සී. සී. යද මීට කලකට පෙර ක‍්‍රිකට් තරග පාවා දෙන්නන් වැඩිම රට ශ‍්‍රී ලංකාව බවට ලොවම දැනුවත් කළේය. නමුත් මෙරට තරග පාවාදුන් යම් කිසි කෙනෙක් කළ ද්‍රෝහිකම කුමක්ද යන්න කිසිවකු නොදනී.
 
 අයි. සී. සී. යේ ¥ෂණ විමර්ෂණ ඒකකය තනිවම පරීක්ෂණ පවත්වමින් පසුගිය කාලයේ මෙරට ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කෙටි කාලයකට ක‍්‍රිකට් තරග තහනමක් පැනවීමට කටයුතු කළේය. එය මෙරට කීර්ති නාමයට හොඳ නැත. මේ සම්බන්ධයෙන් ලොව දඟ පන්දු රජු හෙවත් මුත්තයියා මුරලිදරන්ද පවසන්නේ මෙවැනි අදහසකි.
 
 ‘‘තරග පාවාදුන්නා කියලා අයි. සී. සී. ය පසුගිය කාලයේ අපේ සනත් ජයසූරියවයි තවත් කිහිප දෙනෙකුටයි තහනමක් දැම්මා. ඇත්තටම ඒ අය පව්. අයි. සී. සී. සාක්ෂි තියෙනවා නම් පෙන්වන්න ඕන. අපි මේ අයව තහනම් කරන්නෙ මෙන්න මේ වරද කරපු නිසා කියලා. එහෙම කරන්නෙ නැතිව මේ අයව තහනම් කරනවා කියලා කියන එක වැරදියි. ’’ යනුවෙනි.
 
 මුත්තයියා මුරලිදරන් කියන කතාව සියලූම දෙනා අනුමත කරන බව සැබෑවකි. නමුත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා වසර නවයකට පසුව 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් කළ චෝදනාව මත තරග එළිපිට පාවාදුන් ඉන්දියාව සහ පාකිස්තානයට වඩා ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධව ඔස්තාර්ලා යැයි ලොව පුරා මතයක් ප‍්‍රචාරය වේ. නමුත් 2011 ලෝක කුසලානයේ පරීක්ෂණ දැන් කඩිමුඩියේ ක‍්‍රීඩා වැරැුදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය විසින් සිදුකරනු ලබයි.
 
 2011 ලෝක කුසලානය පාවාදුන් බවට මහින්දානන්ද අලූත්ගමගේ හිටපු ක‍්‍රීඩා ඇමැති කරන චෝදනාවට අනුව ජීවිත අවදානමද නොතකා ඉන්දියාවට වුවත් යන බව අරවින්ද ද සිල්වා පවසයි. ඒ අනුව ක‍්‍රීඩා වැරැුදි වැළැක්වීමේ පොලිස් විමර්ෂණ ඒකකයට පැමිණි අරවින්ද පැය හයක් අදාළ නිලධාරීන් සමග සාක්ෂි ඉදිරිපත් කරමින් පිටව ගියේය. ඊට පසුව පැමිණියේ උපුල් තරංගය. අනතුරුව කුමාර් සංගක්කාරය. ඊටත් පසුව මහේල ජයවර්ධනය.
 
 කෙසේ වෙතත් මේ සියලූ දෙනා දවසින් දවස 2011 ලෝක කුසලාන පාවාදුන් බවට කරන චෝදනාවලට පිළිතුරු බැඳීමට පැමිණෙන විට ලෝක මාධ්‍යයේ සඳහා කරන්නේ අදාළ ක‍්‍රීඩකයා තරග පාවාදීමේ චෝදනාවකට කට උත්තර දීමට පැමිණියා යනුවෙනි. එවිට එම ක‍්‍රීඩකයා සහ රටේ නමද නොදැනීම ‘බ්ලැක් ලිස්ට්’ වේ. ඒ අනුව අහක යන කෝච්චියකට බෙල්ල තිබ්බාද යන්න ඉදිරියේදී ලොවටම දැන ගැනීමට මේ පරීක්ෂණයේ තීන්දුව විගසින් ඉදිරිපත් කළ යුතුය.
 
 අයි. සී. සී. ය වැඩිම තරග පාවාදුන්නන් යනුවෙන් ශ‍්‍රී ලංකාවට චෝදනා කරද්දී පාවාදුන් තරගයක් කිසිවෙක් දන්නේ නැත. පාවාදුන් සිද්ධියක්ද කිසිවෙක් දන්නේ නැත. නමුත් පාකිස්තානයේ මොහොමඞ් අමීර්ලා, ඉන්දියාවේ මොහොමඞ් අසරුදීන්ලා සහ මනෝජ් ප‍්‍රභාකර්ලා තරග පාවාදුන් හැටි එළිපිට මාට්ටු විය. නමුත් මෙරටදී එහෙම තක්කඩිකම් කළ ක‍්‍රීඩකයන් තවමත් බිහිව නැත.
 
 කෙසේ වෙතත් චෝදනාවලට පිළිතුරු සැපයිය යුතුය. සත්‍ය ලොවට හෙළි කළ යුතුය. 2011 ලෝක කුසලාන පාවාදුන් බවට චෝදනා එල්ල වන්නේ 1996 ලෝක කුසලාන ශ‍්‍රී ලංකාවට දිනා දීමට උපරිම බලය යෙදවූ අරවින්ද ද සිල්වාටය. ඔහුගේ පියා අවසන් මහා තරගයට පෙර දිනයේ පැමිණ, ‘‘පුතා ඔයා තව ලෝක කුසලාන ගහන්න පුළුවන්. ඒත් ආයෙත් අපි ඒ ලෝක කුසලාන බලයිද දන්නෙ නැහැ. ඒ නිසා දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේක දිනා දෙන්න. ’’ යනුවෙන් අරවින්දට පැවසීය.
 
 තම පියා සහ ඞී. එස්. විදුහලේ හිටපු විදුහල්පතිවරයා පැවසු ඒ වදනින් පසුව තරගය දිනන තෙක් අරවින්ද නොසෙල් වී සිටියේ 96 ලෝක කුසලාන තනිවම හරි ශ‍්‍රී ලංකාවට දිනා දෙනවා යන චිත්ත ධෛර්යයෙනි. ‘‘තාත්තායි අපේ විදුහල්පතිවරයයි ? ඇවිල්ල කියපු ඒ කතාව මගේ හිතේ තරගය ඉවර වෙනකම් තිබ්බා. ඒ නිසා මම හිතුවා තනියෙන් හරි මේ තරගය දිනවනවා කියලා. ’’ යනුවෙන් අරවින්ද ද සිල්වා 96 ලෝක කුසලාන සම්බන්ධව ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ මීට කලකට පෙර පැවසීය. එහෙම කරපු අරවින්ද 2011 දී මහින්දානන්ද කළ චෝදනාවට වරදකරු වෙයිද යන්න අපි විශ්වාස නොකරමු. ඒත් පරීක්ෂණයේ ප‍්‍රතිඵල තවමත් ක‍්‍රියාත්මක බැවින් ඒ ගැන අපි සටහන් කිරීමෙන් වැළකී සිටිමු.
 
 කෙසේ වෙතත් කුමාර් සංගක්කාරලා ලෝක කුසලාන තුනක්ම අවසන් තරගයට පැමිණි ක‍්‍රීඩකයන්ය. ඔවුන්ට දිනා ගත හැකිවූයේ සමුගැනීමේ තරගය ලෙස පැවැති 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පමණි. එහෙව් ක‍්‍රීඩකයන්ද තරග පාවාදුන්නේද යන්න අපි නොදනිමු. ඔවුන්ද දැන් පාවාදුන් චෝදනාවගේ
 
 වග උත්තරකරුවන් වී හමාරය. නමුත් දැන් ඇති චෝදනාවේ සත්‍ය එළියට පැමිණෙන තුරු මෙරට පමණක් නොව ලොවම බලා සිටිනු ඇත. එබැවින් පරීක්ෂණ වාර්තාව ඉක්මනින් චූදිතයන්ව වැරදිකරු හෝ නිවැරැුදිකරු කරමින් ලබාදෙන පිළිතුර දෙස අපි තවදුරටත් විමසිල්ලෙන් සිටිමු.
 
 අසේල විතාන

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles