Divaina - අයි. සී. සී. සභාපති ගෙදර යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

iccජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සිය ධුරයෙන් විශ‍්‍රාම ගත් අතර ඔහුගේ අනුප‍්‍රාප්තිකයා මේ මස මැද භාගයේ පැවැත්වෙන අයි. සී. සී. මහ සභාවාරයේදී පත්කිරීමට නියමිතව තිබේ. නමුත් අයි. සී. සී. වාර්ෂික සමුළුව පැවැත්වෙන දිනයක් තවමත් ස්ථිරව නොමැති වීමද විශේෂත්වයකි.
 
 2016 වසරේදී පළමු වරට අයි. සී. සී. යේ සභාපතිවරයා වශයෙන් නිතරගයෙන් පත්වූ මනෝහර් ඊට පෙර 2015 වසරේදී ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. යළිත් අයි. සී. සී. සභාපති ධුරය අපේක්ෂා නොකරන බව පවසන මනෝහර් සිය පෞද්ගලික වැඩ රාජකාරීවල යෙදීමට සූදානමින් සිටින බවද සඳහන් කරයි.
 
 සභාපතිවරයා ඉවත්වීමෙන් පසුව මේ වන විට අයි. සී. සී. යේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් එහි උප සභාපති වන ඉම්රාන් ක්වාජා පත්කර තිබේ. වසර හතරක් හෙවත් දෙවරක්ම අයි. සී. සී. සභාපතිවරයා වශයෙන් පත් වූ මනෝහර් තෙවන වරටත් අදාළ ධුරය අපේක්ෂා නොකරන බව වැඩිදුරටත් පවසයි.
 
 මනෝහර්ගේ සභාපතිත්වය යටතේ අයි. සී. සී. ය ක‍්‍රියාත්මක කළ බිග් ත‍්‍රී සංකල්පය හෙවත් ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයට වැඩි ආදායමක් හිමිවන සංකල්පය වෙනස් කිරීම විශේෂත්වයකි. ඒ අනුව සියලූම සාමාජික රටවල සාධාරණ ආදායම් මාර්ගයක් හිමිවන සේ ක‍්‍රමවේදයක් සකස් කිරීමටද හෙතෙම සමත් විය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles