- සංගක්කාර අද විමර්ශන එ්කකයට
- කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එකකයට
2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උපුල් තරංගගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඊයේ (01 වැනිදා) සිදු කෙරිණි. එ් අනුව ඊයේ උදෑසන කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණ පරිශ්‍රයේ පිහිටි කී‍්‍රඩා සම්බන්ධයෙන් වෙන වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය වෙත පැමිණි උපුල් තරංග පැය දෙකක පමණ කාලයක ප්‍රකාශයක් ලබා දුන්නේය.
ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වීම පිළිබඳ සැක සහිත යැයි හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා චෝදනා කර සිටියේය. එ් අනුව එම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කළ සංචිතය පිළිබඳ තමන් එදින දැනුවත් නොසිටි බවද පෙර නම් නොකළ කී‍්‍රඩකයින් සිව් දෙනකු එම කණ්ඩායමේ කී‍්‍රඩා කළ බවද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් 2011 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වාද පෙරේදා (30 වැනිදා) කී‍්‍රඩා සම්බන්ධයෙන් වෙන වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය වෙත පැය 6ක ප්‍රකාශයක් ලබා දුන්නේය.
කෙසේ වෙතත් ඊයේ කී‍්‍රඩා සම්බන්ධයෙන් වෙන වැරදි සෙවීමේ පොලිස් විමර්ශන එ්කකය වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උපුල් තරංග ‘මම එ් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් නැවත කැඳවීමක් තියේවිද කියලා මම දන්නේ නැහැ. වැඩි විස්තරයක් මේ ගැන මට මේ වෙලාවේ කියන්න බැහැ’ යැයි කියා සිටියේය.
2011 ලෝක කුසලාන අවසන් තරගයේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ උපුල් තරංග එම තරගයේදී ලකුණු 02කට දැවී ගියේය. එ් අනුව අදාළ තරගයේදී එම ලකුණු දෙක ලබා ගැනීම වෙනුවෙන් උපුල් තරංග පන්දු 20ක් වැය කළේය. ශී‍්‍ර ලංකා ඉනිමේ 6 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සහීර් කාන් හමුවේ උපුල් තරංග දැවී යන විටදී මුළු ලකුණු තත්ත්වය 17ක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන් විය. 2011 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 133ක් වාර්තා කිරීමට සමත් වූ උපුල් තරංග එංගලන්තයට එරෙහිව ලකුණු 102ක් සහ කෙන්යාවට එරෙහිව නොදැවී ලකුණු 67 වාර්තා කිරීමට සමත් විය.
මේ අතර මහින්දානන්ද මහතාගේ චෝදනාව පිළිබ`ද ප්‍රකාශයක් ලබා දීමට 2011 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර සංගක්කාර කී‍්‍රඩා සම්බන්ධයෙන් වෙන වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණීමට නියමිතය.
කසුන් රණවීර
ඡායාරූපය - නිමල් දයාරත්න