Divaina - විස්සයි විස්ස ලෝක කුසලානට රතු එළියක් දෙමින් ඔස්ටේ‍්‍රලියාව අගෝස්තුවේත් ක‍්‍රිකට් නවතයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

austra ගෝලීය වසංගතයක් වන කොරෝනා වෛරසය හේතුවෙන් තවමත් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිසීමට නොහැකිව සිටින ඔස්ටේ‍්‍රලියාව එළැඹෙන අගෝස්තු මාසයේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියද කල් දැමීමට තීරණය කර තිබේ.
 
 විස්සයි විස්ස ලෝක කුසලානද ඔක්තෝබර් මස 18 වැනිදා ඔස්ටේ‍්‍රලියාවේදී ආරම්භ වීම සම්බන්ධව අයි. සී. සී. ය මේ වන විටත් උත්සහ කරමින් සිටියදී අගෝස්තු මාසයේදීත් එරටදී කි‍්‍රකට් තරග පැවැත්වීමට නොහැකිවීම අදාළ ලෝක කුසලාන පැවැත්වීම සම්බන්ධව යළිත් අවිනිශ්චිත තත්ත්වයක් මතු කරවනු ලබයි. ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අගෝස්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.
 
 ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය කල් දැමීම සම්බන්ධව පවසන්නේ, ‘‘වත්මන් තත්ත්වය අවබෝධ කර ගනිමින් අපි දෙගොල්ලන්ම තරගාවලිය කල් දැමීමට එකඟ වුණා. නමුත් විකල්ප දිනයකදී යළිත් තරගාවලිය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ’ යනුවෙනි.
 
 සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය මෙම තරගාවලිය කල් දැමීම සම්බන්ධයෙන් කලකිරීමකට පත්ව සිටින බව සඳහන් කර සිටියි. ‘‘තරගාවලිය කල් දැමීමට සිදුවීම නිසා අපි කලකිරී සිටිනවා. ක‍්‍රීඩකයන්, තරග නිලධාරීන්, ස්වේච්ඡුා සේවකයන් මෙන්ම අපගේ රසිකයන්ගේ යහපත පිණිස වඩාත් ප‍්‍රායෝගික සහ සංවේදී තීරණයකට තමයි අපි එකඟ වුණේ. ’’
 
 ඔස්ටේ‍්‍රලියාවේ අවසන් වරට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ ඉකුත් මාර්තු මස 13 වැනිදා වේ. එතැන් සිට මේ දක්වා එරටදී ක‍්‍රිකට් තරගයක් පැවැත්වීමට නොහැකිව තිබීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධව තවත් රතු එළියක් දැල්වී තිබේ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles