Divaina - පන්දු යවන්නන් සමග කතා බස් කිරීම සිත් ගන්නා සුළුයි... ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 2ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය පළමු වැනිදා දින 82 කට පසුව පුහුණුවීම් ආරම්භ කළ අතර එහිදී නව අයි.සී.සී නීති රෙගුලාසි සම්බන්ධව පන්දු යවන්නන් සමග කතා බහ කිරීමේ අවස්ථාව සිත්ගන්නා සුළු අවස්ථාවක් වූ බව ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසයි.
 
 ‘ක‍්‍රික් ඉන්ෆෝ’ සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී මිකී ආතර් ඉහත අදහස් දක්වා තිබේ. ශ‍්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ දෙකක් යටතේ පුහුණුවීම් සිදුකරන අතර එහිදී දින 12 ක නේවාසික පුහුණුව සඳහා ඇතුළත් පළමු කාණ්ඩය ක‍්‍රීඩකයන් 13 දෙනෙකු ඇතුළත් වේ. එම 13 දෙනාගෙන් හය දෙනෙකුම පන්දු යවන්නන් වන අතර ඔවුන්ට දැන් පන්දුවේ ඛේටය ගෑම තහනම් වී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් එම තීරණය අයි.සී.සී. වෛද්‍ය ඒකකයක් විසින් ගෙන තිබේ.
 
 කෙසේ වෙතත් පන්දු යවන්නන්ට දහඩිය පන්දුවේ ගෑම තහනම් නොවන අතර දහඩිය මගින් කොරෝනා වෛරසය බෝනොවන බව වෛද්‍යවරුන්ගේ විශ්වාසය වී තිබේ. පන්දුවේ ඛේටය ගෑම තහනම් කරමින් ඒ වෙනුවට පන්දුව ඔප දැමීමට භාවිතා කරන වෙනත් ද්‍රව්‍යයක් සම්බන්ධව අයි.සී.සී.ය
 
 පසුගියදා තර්ක විතර්ක රාශියක් කිරීමෙන් පසුව අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් විසින් ඛේටය යොදා පන්දුව ඔප දැමීම තහනම් කළේය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ද අයි.සී.සී. ක‍්‍රිකට් කමිටුවේ සාමාජිකයකු වන අතර ඔහු සිය පුහුණුවීම් කිරීමේදී පන්දු යවන්නන්ට ඛේටය භාවිතා නොකර දහඩිය භාවිතා කිරීමෙන් ලබා ගන්න ඔපය සම්බන්ධව දැනුවත් කර තිබේ. ‘‘එය පන්දු යවන්නන් සමග කතා කිරීම සිත්ගන්නාසුළුයි. ලවණ කියන්නෙ පන්දුව දිදුලන යාන්ත‍්‍රණයයි. කොහොම වුණත් දැන් එය සමග ඉදිරියට යා යුතුයි.’’ යනුවෙන් ආතර් පවසයි.
 
 ‘‘මම අයි.සී.සී. ක‍්‍රිකට් කමිටුවේ සිටින නිසා පන්දුව මත ලවණ භාවිතා නොකිරීමට ගත් තීන්දු තීරණ සහ විවාද ගැන හොඳින් දන්නවා.’’ යැයි පවසන ශ‍්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
 
 ‘‘සෑම උදෑසනකම කාමරයෙන් පිටවන විට අපේ උෂ්ණත්වය බලනවා. අපි නිතරම මුඛ ආවරණ පැළඳ සිටිනවා. සම්පූර්ණයෙන් හුදකලා පරිසරයක තමයි අපි ඉන්නේ. හෝටලයේදී අපි ආහාර ගැනීමේ
 
 ස්ථානය, ව්‍යායාම සැසි කරන තැන නිෂ්කාශනය කර තියෙනවා. අපි හැමතිස්සෙම අත් සෝදනවා. අපගේ
 
 සෞඛ්‍ය උපදේශක වෛද්‍ය දමින්ද අත්තනායක අපට අවශ්‍ය සහය දෙනවා.’’

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles