Divaina - බංග්ලාදේශ ක‍්‍රීඩකයන් පුහුණුවෙන්න කළ ඉල්ලීම ක‍්‍රිකට් ලොක්කා අහක දමයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 3කොරෝනා වසංගතයෙන් ඇන හිට ඇති බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුව යළිත් ආරම්භ කිරීමට කටයුතු මෙන්ම අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස මුස්ෆිකර් රහීම් ඇතුළු ක‍්‍රීඩකයන් කළ ඉල්ලීම එරට ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානීන් විසින් ඉවතා දමා තිබේ.

මුෂ්ෆිකර් විසින් තමාට පුද්ගලික පුහුණුව ආරම්භ කිරීමට අවශ්‍ය බව ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබේ. නමුත් බංග්ලාදේශයේ ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඔහුට නිවසේ සිට පුහුණුවන ලෙසත් පළමුව වැදගත් වන්නේ ආරක්ෂාව බවත් බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිසාමුදින් චෞද්රි විසින් මුෂ්ෆිකර්ට දන්වා තිබේ.

‘‘තවත් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුට තනි පුහුණුවක් ලබාදිය හැකිදැයි දැන ගැනීමට අවශ්‍ය වුණා. නමුත් අපගේ පණිවිඩය සැමටම එකහා සමාන වෙනවා. අපගේ පහසුකම් අනුව විෂබීජහරණය කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඒ කාර්යයන් තවම අවසන් නැහැ.’’ යැයි බංග්ලාදේශ ක‍්‍රිකට් විධායකවරයා සඳහන් කරයි.

බංග්ලාදේශයේ කොරෝනා වසංගතය පැතිර යෑම වේගවත් වී ඇති අතර යළිත් ඔවුන්ගේ ක‍්‍රිකට් පුහුණුව ආරම්භ කරන දිනයක් පැවසීම අසීරු බවද එරට ක‍්‍රිකට් ප‍්‍රධානීන් පවසයි. බංග්ලාදේශ කණ්ඩායම ලබන ජූලි මාසයේදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමටද නියමිත අතර ඒ සම්බන්ධවද ඔවුන් තවමත් දෙගිඩියාවෙන් පසුවේ.

‘‘සමස්ත තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු අපි ක‍්‍රීඩකයන්ට දන්වනවා මොකද්ද කරන්න ඕන කියලා. සියලූ දෙනාම තේරුම් ගත යුතුයි අපිට ක‍්‍රීඩකයන්ගේ සෞඛය කිසිදු ආකාරයකින් අවදානමට ලක් කරන්න බැරි බව. බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයට තියෙන වටිනාම සම්පත ක‍්‍රීඩකයන්.’’ යනුවෙන් චෞද්රි වැඩිදුරටත් පවසයි.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles