Divaina - ලෝක කුසලාන දෙකක දිනා දුන් නායකයා ජාතිවාදයට එරෙහිව හඩ නගයි....

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



 p16 4ඩැරන් සමී යනු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලෝක කුසලාන දෙකක් දිනා දුන් නායකයෙකි. නමුත් ඔහු දැන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගොස් සිටියි. ඩැරන් සමී විසින් පසුගියදා ඇමරිකාවේ කළු ජාතිකයකුට එරට සුදු පොලිස් නිලධාරියකු කළ මීලේච්ඡු මරා දැමීම සම්බන්ධයෙන් හඩ අවදි කරමින් ජාතිවාදයට එරෙහිව වැදගත් කතාවක් ලොවට කියා තිබේ.
 
 ‘‘දැන් නිශ්ශබ්දව සිටීමට කාලය නොවේ. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනේ, මගේ වර්ගයාට එරෙහිව සිදුවන සමාජ අසාධාරණය වෙනුවෙන් ඔබ කතා නොකරන්නේද.’’ යැයි සමී පවසයි. සමී පසුගියදා එම අදහස් පැවසීමට පෙර බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවකු වු ක‍්‍රිස් ගේල්ද ඇමරිකානු පොලිස් නිලධාරීන්ගේ සිද්ධිය හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
 
 ‘‘අයි.සී.සී.යට සහ ලෝකයේ අනෙකුත් කි‍්‍රකට් පාලක මණ්ඩලය මා වැනි මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද යන්න නොදකිනවාද?’’ යනුවෙන් සමී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයටද අදාළ ප‍්‍රශ්නය සම්බන්ධව පැමිණිලි කර තිබේ. 2014 සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් දිනා දීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායමට හැකිවිය. ඒ අනූව බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය සමීගේ නමින් ජාත්‍යන්තර ක‍්‍රිකට්ක‍්‍රීඩාංගණයක්ද නම් කළේය.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles