බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූලි මස 8 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එ් අනුව සමාජ දුරස්ථභාවය සහ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පැවැත්වීමට නියමිත දෙරට අතර තරගාවලිය කොදෙව් කණ්ඩායම ලබන 9 වැනිදා එංගලන්තයට පැමිණීමට නියමිතය.
කොදෙව් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වන ඩැරන් බ්රාවෝ, ශිම්රොන් හෙට්මඅයර් සහ කීමෝ පෝල් යන ක්‍රීඩකයින් මෙම එංගලන්ත සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ වෙනුවෙන් නවක කී‍්‍රඩකයින් කිහිප දෙනකු සංචිතය සඳහා එක් කිරීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුවට පියවරගෙන තිබේ. එංගලන්තය පළමු තරගයේ නායකත්වයට බෙන් ස්ටොක්ස් නම්කර තිබේ.
තරග කාලසටහනට අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 8-12 සහ දෙවන ටෙස්ට් තරගය ජූලි 16-20 සහ තෙවන ටෙස්ට් තරගය ජූලි 24-28 යන දිනයන්හි පැවත්වීමට නියමිතය.
- Hits: 352