Divaina - පන්දුව දෝලනය කිරීමට තණතිල්ලේ වාසිය අරගන්න - ජාත්‍යන්තර කි‍්‍රකට් කමිටුවේ සභාපති අනිල් කුම්බ්ලේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p14 3ඉදිරියේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් කෙළ යොදා ගැනීමට නොහැකිවීමේ පාඩුව පිරිමසා ගැනීමට පන්දු යවන්නන්හට තණතිල්ලේ වාසිය උපයෝගී කර ගතහැකි යැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා වන අනිල් කුම්බ්ලේ කියා සිටී. ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ක‍්‍රිකට් කමිටුව පසුගියදා තීරණය කර ඇති අතර එ් පිළිබඳ අදහස් දක්වමින් කුම්බ්ලේ මේ පිළිබඳ කියා සිටී.

පන්දුව ඔප දැමීම සඳහා කෙළ යොදා ගැනීම තහනම් කිරීම පන්දු යවන්නන්හට අවාසිදායක වන අතර එය පිතිකරුවන් හට වාසිදායක තත්ත්වයක් බව කි‍්‍රකට් විචාරකයන් කියා සිටියේය. එ් අනුව එම අවාසිදායක තත්ත්වය මග හරවා ගනීමට සහ පන්දුව දෝලනය කිරීමට තණතිල්ලේ වාසිය ලබා ගැත හැකි බව කුම්බ්ලෙගේ අදහස වී තිබේ.

කොවිඞ් - 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා මෙම තීරණය ඇතුළු තවත් තීරණ රැුසක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පසුගියදා ගත් අතර කෙළ හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles