Divaina - කායවර්ධන ලෝක කුසලාන සත්කාරකත්වය කොට උඩ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p14 2- නිලවරණ කමිටුවත් කට්ටි පනී

- අපේ අතේ වගකීමක් නැහැ - හිටපු ලේකම් නිහාල් වීරතුංග

කසුන් රණවීර

ලබන වසරේදී පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවලියේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණද එ් සඳහා මේ දක්වා කී‍්‍රඩා අමාත්‍යාංශයේ හෝ අදාළ නිලධාරීන්ගේ අවධානය යොමු වී නැතැයි කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතා කියා සිටී. වසර දෙකක කාලයක් පුරා විසුරුවා ඇති ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනය ඇතුළු අකර්මණය වී ඇති අතුරු කමිටුව සහ නිලවරණය පැවත්වීම ප‍්‍රමාද වීම යන කරුණු පිළිබඳ ‘දිවයින’ කළ විමසීමකදී ඔහු මේ පිළිබඳ කියා සිටියේය.

2021 වසරේ දී පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවලියේ සත්කාරකත්ව ශී‍්‍ර ලංකාවට හිමිව තිබුණද මේ දක්වා කායවර්ධන සම්මේලනයේ නිලවරණය පැවැත්වීම හෝ පත්කළ අතුරු කමිටුව හරහා ප‍්‍රයෝජනයක් ගැනීමට කී‍්‍රඩා අමාත්‍යාංශයට නොහැකි වී තිබේ. ‘අපි 2019 නොවැම්බර් මාසයේ ඩුබායිවලට ගිහින් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වෙලා රන් රිදී පදක්කම් 2 ක් දිනා ගැනීමට සමත් වුණා. නමුත් එ කී‍්‍රඩකයන් සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශයේ මේ වනතෙක් අවාධානය යොමු වෙලා නැහැ.

ගිය අවුරුද්දේ මම ලෝක සමුළුවට සහභාගි වෙලා ඉල්ලීමක් කළා ලෝක ශූරතාවලියේ සත්කාරකත්වය අපිට ලබා දෙන්න කියලා. එ් අනුව 2021 දී කායවර්ධන ලෝක ශූරතාව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට අපට අවසර ලබා දුන්නා. ඊට පස්සේ මේ කොරෝනා ව්‍යසනය නිසා හැම දෙයක්ම ආපස්සට ගියා. දැන් මේ ගැන හොයන්න බලන්නවත් කවුරුවත් නැහැ. සම්මේලනයක් නැහැ. අතුරු කමිටුවක් නැහැ. නිලවරණයක් තියන්න තවම බැරිවුණා. මේ විදිහට අපිට ජාත්‍යන්තර තරගාවලියකට යන්න බැහැ. මේ වගකීම අපේ නෙමෙයි’ යැයි වීරතුංග මහතා ‘දිවයින’ වෙත වැඩිදුරටත් කියා සිටියේය.

වසර දෙකකට ආසන්න කාලයක් පුරා විසුරුවා ඇති ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනය නඩත්තු කිරීම සඳහා අතුරු කමිටුවක් පත්කර තිබුණද මේ වනවිට එහි වැඩ කටයුතුද ඇනහිට තිබේ. නිලවරණය පැවැත්වීම සඳහා පත්කළ කමිටුවට මේ වන විටත් නිලවරණය පැවැත්වීමට නොහැකි වී ඇති අතර එ් පිළිබඳ පසුගියදා

‘දිවයින’ කළ විමසීමකදී ඔවුන් කියා සිටයේ මේ විට නාම යෝජනා භාරදීම පිළිබඳ කී‍්‍රඩා සංගම් වෙත යැවීමට ලිපි ගොනු සකස් කරන බවත් බොහෝ කී‍්‍රඩා සංගම්වල ලිපි ගොනු නිසියාකාරව නඩත්තු වී නොමැති බවත්ය.

කෙසේ වෙතත් නිලවරණ කමිටුවේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ සම්මෙලනයේ හිටපු ලේකම්වරයා ‘මම ලේකම් විදිහට පත්වෙද්දී හිටපු ලේකම්වරු කිසිම කෙනෙක් මටත් අදාළ ලිපි ලේඛන ලබා දුන්නේ නැහැ. මම එ් ගැන පැමිණිල්ලකුත් දාල තියෙනවා කුරුඳුවත්ත පොලිසියේ. මම එ් ගැන කී‍්‍රඩා අමාත්‍යංශය සහ කී‍්‍රඩා අධ්‍යක්ෂවරයාටත් දැනුම්දීම් කළා. එහෙම වුණාට මම සංගමය කඩා වැටෙන්න දුනේනේ නැහැ. හැකි විදිහට සියලූම ලියා පදිංචි කී‍්‍රඩා සමාජවල සියලූම ලිපි ලේඛන නැවත සකස් කරලා නඩත්තු කළා’ යැයි කියා සිටයේය.

ලෝක ශූරතාවලියක් වෙනුවෙන් සත්කාරකත්වය දැරීමට සූදානම්ව සිටින රටක මේ වනවිටත් කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අවසර නොදීමද මේ වනවිට කතා බහට ලක්විය යුතු කරුණක් වී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් නවතා තිබුණද කි‍්‍රකට් කී‍්‍රඩාව සඳහා පුහුණුවීම් ඇරඹීමට රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අවසර ලබා දුන්නද කායවර්ධන කී‍්‍රඩාව වෙනුවෙන් මේ දක්වා කී‍්‍රඩා අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර නොමැත.

සහකාර සෞඛ්‍ය අධ්‍යක්ෂ සුසිල් පෙරේරා

මහතාගෙන් ලිඛිතව මේ පිළිබඳ ඉල්ලීමක් කළද එම ලිපිය මේ වනවිටත් වෛද්‍ය රුවන් විජේමුණි (එ්ම්. ඕ. එච්* මහතා වෙත ලබා දී නොමැති බැවින් රටපුර ඇති කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කර ගැනීමට තවමත් නොහැකි වී තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නවතා දැමූ රටේ සියලූම කාර්්‍යයන් මේ වනවිට නැවත ආරම්භ කළද කායවර්ධන මධ්‍යස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා නොදීම විමතියට කරුණකි. තවදුරටත් තත්ත්වය එසේනම් ලබන වසරේදී රටවල් 100කට ආසන්න ගණනක් නියෝජනය කරමින් පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවලිය සඳහා සත්කාරක රටේ කී‍්‍රඩකයන්ට ඉදිරිපත් වීමට නොහැකිවීමේ අවධානමක්ද මේ වනවිට මතුව තිබේ.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles