Divaina - කි‍්‍රකට්වලදී ජාතිවාදය ඇවිස්සෙන හැටි ගේල් කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 6ජාතිවාදය පාපන්දු කී‍්‍රඩාවේ පමණක් නොව කි‍්‍රකට් කී‍්‍රඩාව තුළද පවතින බව කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස් ගේල් පවසයි. ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඇමරිකානු කළු ජාතිකයෙකුගේ ගෙල පාගා මරා දැමීම හේතුවෙන් මේ වන විට ඇමරිකානු එක්සත් රාජධානිය පුරා ඇති වී ඇති ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතාවය පිළිබඳ අදහස් දක්වමින් ගේල් මේ පිළිබඳව පවසා තිබේ.
 
 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රවේගකාරී ආරම්භක පිතකරුවකු වන කි‍්‍රස් ගේල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජාතිවාදයට එරෙහිව හඬ අවදිකරමින් කළු ජාතිකයින් මෝඩයන් ලෙස පිළිනොගන්නා බවත් කළු ජීවිත අනෙක් ඕනෑම ජීවිතයකට සමාන බවත් ප‍්‍රකාශ කර තිබේ. ‘මමත් කළු ජාතිකයෙක්. එ් නිසා මම ලොව පුරා සංචාරය කරද්දී වාර්ගික ප‍්‍රකාශ අත්විඳින්න මටත් සිදු වුණා. කළු ජාතිකයෙකු ලෙසින් කණ්ඩායම තුළ පවා මට එ් අත් දැකීම විඳින්න සිදුවුණා. ජාතිවාදය පාපන්දු කී‍්‍රඩාවේ පමණක් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩාවෙත් තියෙනවා’ යැයි ඉන්ස්ටග‍්‍රෑම් පනිවුඩයක් නිකුත් කරමින් ගේල් වැඩිදුරටත් පවසා තිබේ.
 
 ගේල්ට අමතරව තවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණනාවක් ජාතිවාදය පිළිබඳ හඬ අවදිකර තිබූ අතර ටෙනිස් කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් සහ පැසිපන්දු කී‍්‍රඩක ලෙබ්‍රොන් ජේම්ස්ද සිය ට්විටර් ගිණුම් හරහා ඇමරිකානු කළු ජාතිකයාගේ මරණය පිළිබඳ ශෝකය පළකර තිබිණි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles