Divaina - කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ.... පාසල් ක‍්‍රිකට් නැංවීමට දැන් මාර්ග සිතියමක් සකස් කොට තිබෙනවා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


p16 1-  ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි

- කොරෝනා වසංගතය හේතුවෙන් මූල්‍යමය අතින් අස්ථාවරව සිටින ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පුහුණුකරුවන් 225 දෙනකුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් රුපියල් විසි දහස බැගින් බෙදා දීමේ පළමු අදියර ඊයේ (02 දා* ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරුණි. එහිදී 132 දෙදෙනකු මූලික වටය යටතේ මුදල් ලැබීමට තේරී පත් වුවද අනෙක් සියලූම පුහුණුකරුවන්ට නියමිත මුදල ඉදිරි දින කිහිපයේදී ලබාදීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංමයේ ඉල්ලීම පරිදි අදාළ සද්කාර්ය කිරීමට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4,500,000 ක මුදලක් පුහුණුකරුවන් වෙනුවෙන් බෙදා දෙන ලදී. ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු නිළධාරීන් විසින් මුදල් බෙදා දීමට අමතරව ක‍්‍රීඩාංගණ නඩත්තුකරන උපකරණ බෙදාදීමද මෙහිදී සිදුකෙරුණි.

දේශීය පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔසවා තැබීමේ අරමුණ තේමාව කරගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාසල් ක‍්‍රිකට් සංගමයේ මූල්‍යමය කොඳුනාරටිය වෙමින් ලබාදෙන පූර්ණ අනුග‍්‍රහයට අමතරව මෙම දීමනා ලබාදීමද විශේෂත්වයකි. වසරකට මිලියන 18 ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් පාසල් ක‍්‍රිකට් සංගමයට ලබාදුන්නද ඊට අමතරව තවත් මිලියන ගණනක ව්‍යාපෘති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් පසුගිය කාලයේදී පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් දියත් කර ඇති බව පාසල් ක‍්‍රිකට් සංගමය පවසයි. නමුත් තවදුරටත් පාසල් ක‍්‍රීඩාවේ ඇති ප‍්‍රශ්න නිරාකරණය කරගැනීම වෙනුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ඔවුන්ගේ අදහස් සහ යෝජනා ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙසද ඉල්ලා සිටියේය.

පාසල් කී‍්‍රඩාව තුළ ඇති ප‍්‍රශ්න විදුහල්පතිවරුන්, ක‍්‍රීඩාභාර ආචායර්වරුන් සහ ක‍්‍රිකට් පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලදුව එම ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ සම්බන්ධීකරණ ඒකකයට යොමු කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා පියවර ගන්නා ලදී.

‘‘පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආත්මීය කඩා වැටීමක් ඇති බව කිව යුතුයි. එහි ප‍්‍රකාශනයක් ලෙස ඔබගේ ප‍්‍රශ්න ඉදිරිපත් වුණා. එහි ප‍්‍රකාශනයක් ලෙස ඔබගේ ප‍්‍රශ්න ඉදිරිපත් වුණා.

ක‍්‍රීඩාංගණයේ ලකුණු පුවරුව ක‍්‍රියාත්මක වෙනවා වගේ මේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙනවා කියන්න මා සූදානම් නැහැ. නමුත් අපට පුළුවන් උපරිම දේ ලබාදීමට මේ හමුවීම උපයෝගී කරගන්නවා. ඉතිහාසයේ පළමු වරට එක සංවාද මණ්ඩපයකදී අප හමුවීම ඉතාම වැදගත්. පින්නවල මහා විදුහලෙන් පටන්ගෙන මහනුවර මදීනා විදුහලෙන් ප‍්‍රශ්න යොමුවීම අවසන් වුණා. ’’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඩා වැටීම සම්බන්ධව කිසිවකුටත් ඇ`ගිල්ල දිගු කරන්නට තමා සූදානම් නොවන බවද ක‍්‍රීඩා ඇමැතිවරයා මෙහිදී පැවසීය. ‘‘පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කඩා වැටීම සම්බන්ධව කාටවත් ඇ`ගිල්ල දික් කරන්න මා සූදානම් නෑ. ඒ කඩා වැටීමේ විත්තිකරුවන් කවුද කියන්න මා උත්සහ කරන්නෙත් නෑ විත්ති කූඩුවේ කවුරු හිටියත් නැතත් අපට පිළිගන්න වෙලා තියෙනවා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අර්බුදයක ලක්ව ඇති බව. ඒ අර්බුදයේ ප‍්‍රකාශනය අපට දැන් ඉදිරිපත් වුණා. පසුගිය

19 න් පහළ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම නව වැනි ස්ථානය. ශූරතාව දිනා ගත්තේ කවුද? ළාබාල ටෙස්ට් වරම් දිනු බංග්ලාදේශය. එය අපේ පාසල් ක‍්‍රිකට් මනින එක දර්ශකයක්. අප ඉන්න තැන පිළිබඳ වැටහීමක් එයින් ගන්න පුළුවන්. අපේ වගකීම ඉතිහාසයට ඇගිල්ල දිගු නොකොට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග එකතු වෙලා අලූත් වැඩ පිළිවෙලක් සමග ඉදිරියට යන්න. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒ සඳහා සූදානමින් සිටිනවා. පාසල් ක‍්‍රිකට් නැංවීමට දැන් මාර්ග සිතියක් සකස් කොට තියෙනවා. ’’

පාසල් ක‍්‍රිකට් පුහුණුකරුවන් විසින් යොමුකරන ලද අයැඳුම්පත් පාසල් සංගමය විසින් පරීක්ෂා කර තෝරාගත් පුහුණුකරුවන් සියලූ දෙනාට අදාළ මුදල් ලබාදෙන ලදී. මෙම උත්සවය වෙනුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා සමග අමාත්‍යාංශ ලේකම් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා සහභාගි වු අතර ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

අසේල විතාන

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles