Divaina - ලෝක කුසලාන සත්කාරකත්වයට තේරුණු කායවර්ධන සංගමය අයාලේ යයි.. සංගමය දුවන්න අතුරු කමිටුවක් නැහැ... කී‍්‍රඩා අමාත්‍යාංශයත් කට්ටි පනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කසුන් රණවීර
 
kaaya135වසර දෙකකට ආසන්න කාලයක් පුරා විසුරුවා හැර ඇති ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනය නඩත්තු කිරීමට අතුරු කමිටුවක් නොමැතිව මේ වන විට අතරමං වී සිටින බවට ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩා සංගම් නිලවරණය කල් යෑම හේතුවෙන් කායවර්ධන සංගමයද තවදුරටත් අයාලේ යන තත්ත්වයට පත්ව තිබේ. ඉකුත් වසරේ සිටම අතුරු කමිටුවක් නොමැතිව කී‍්‍රඩා අමාත්‍යාංශ භාරයේ තිබෙන කායවර්ධන සංගමය 2021 වසරේ ලෝක කායවර්ධන ශුරතාවලියේ සත්කාරකත්වයද දරනු ලබයි.
 
 කායවර්ධන නිලවරණය පැවැත්වීමට නිලවරණ කමිටුවක් පත්කර තිබුණද තවමත් එහි වැඩ කටයුතු අකර්මණ්‍ය වී තිබේ. මේ සම්බන්ධව නිලවරණ කමිටු සභාපති කේ. එස්. විතානගේ මහතාගෙන් ‘දිවයින’ විමසීමක් කළ අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා ‘ගොඩක් කී‍්‍රඩා සංගම් මේ වන විට අකර්මණ්‍ය තත්ත්වයට තමයි පත්වෙලා තියෙන්නේ. හැම කී‍්‍රඩා සමාජයකම නම් එක වගේ. ඒ නිසා ගොඩක් සංගම්වල ලිපි ගොනු හරි ආකාරව නඩත්තු කිරීමක් කරලා නැහැ. ඒවයේ ලිපිනයක් හරි දුරකතන අංකයක් හරි හොයාගන්න අපිට ගොඩක් අමාරුයි. ඒ නිසා නාමයෝජනා කැ`දවීමට කී‍්‍රඩා සමාජවලට දැනුම්දීමට අපහසු වෙලා තියෙන්නේ. කොහොම වුණත් නිලවරණයට ඉදිරිපත් වන සංගම්වල ලැයිස්තු සකස් කිරීම අපි මේ දිනවල කරමින් ඉන්නවා. කී‍්‍රඩා අමත්‍යාංශයේ හිටපු නිලධාරීන් දෙදෙනකු සහ මමත් ඇතුළුව ලේකම් චන්ද්‍රසේකර මහතාට භාරදීල තියෙනවා ඒ ලැයිස්තුව සකස් කරන්න. ඊට පස්සේ තමයි අපිට නැවත රැුස්වෙලා සාකච්ඡුා කරලා ඊළ`ග පියවරයට යන්න පුළුවන් වෙන්නේ’ යැයි පැවසීය.
 
 කෙසේ වෙතත් ලෝක ශූරතා සත්කාරකත්වය ස`දහා වරම් ලද කායවර්ධනය මේ වන විට ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී තිබේ. ඒ සම්බන්ධව මැදිහත් වීටම වගකිව යුතු පාර්ශ්වයක් නොමැති වීමෙන් රටපුර ඇති කායවර්ධන කී‍්‍රඩාවද ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් නැවතී තිබූ ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිරීති අනුව ඊයේ (01 වැනිදා* සිට යළි ආර්ම්භ කිරීමට කටුයුතු යොදා තිබුණද කායවර්ධන කී‍්‍රඩාව ආරම්භ කිරීමට තවමත් අවසර නොලැබීමෙන් අදාළ කී‍්‍රඩකයින් මෙන්ම එම ක්‍ෂේත‍්‍රයේ වෘතිකයන්ද දැඩි අපහසුතාවකට මේ වන විට පත්ව තිබේ.
 
 උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතාගෙන් කරුණු විමසනු ලදුව ‘හිටපු ලේකම්වරයා විදිහට මම කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණ ගැහෙන්න ගියා. නිලවරණය තියෙන්න නිලවරණ කමිටුවක් පත්කරලා තියෙනවා. එහෙත් මේකට තවම විස`දුමක් නැහැ. රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ නීති මාලාවක් යටතේ කායවර්ධන කී‍්‍රඩාව ආරම්භ කිරීමට අවසර දෙනවා නම් ලොකු දෙයක්. මොකද ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ලේක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ අපේ රටේ. තවදුරටත් මෙහෙම රටවටේ තියෙන ජිම් වහලා තිබ්බොත් මේ රටේ කායවර්ධන කී‍්‍රඩාවට මොකද වෙන්නේ කියන ප‍්‍රශ්නය මට තියෙනවා. අනිත් කී‍්‍රඩා වගේ මේ කී‍්‍රඩාවත් ආරම්භ කරන්න රටේ නීති රෙගුලාසි ලබා දුන්නොත් ලොකු දෙයක්’ යැයි පැවසීය.
  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles