Divaina - රොජර් ෆෙඩරර් ලොව ධනවත්ම ක‍්‍රීඩකයා වෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

tenis444වාර්ෂිකව නම් කරනු ලබන ෆෝබ්ස් වාර්තාවට අනුව ලොව ධනවත්ම කී‍්‍රඩකයා වශයෙන් ස්විට්සර්ලන්තයේ ටෙනිස් ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් පත්ව ඇති අතර එම ලැයිස්තුවේ දෙවැනි
 
 ස්ථානය පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව තිබේ.
 
 38 හැවිරිදි ෆෙඩරර් අවසන් වසර තුළ ලබා ඇති ආදායම ඩොලර් මිලියන 86. 2 කි. මීට පෙර ඔහු එම ලැයිස්තුවේ පස්වැනි තැන සිටි අතර ස්ථාන හතරක්ම ඉදිරියට යමින් පළමු තැනට පත්ව තිබේ. දෙවැනි තැන සිටින රොනාල්ඩෝ ඩොලර් මිලියන 85 ක වත්කමක් උපයා තිබේ.
 
 මේ අතර තෙවැනි තැන පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී පත්ව ඇති අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 84 කි. සිව්වැනි තැනට පත්ව ඇති පාපන්දු ක‍්‍රීඩක නෙයිමාර් ඇමරිකානු ඩොලර් මිලියන 77. 5 ක් උපයා ඇති අතර අදාළ ලැයිස්තුවේ පස්වැනි තැනට ඇමරිකානු පැසිපන්දු ක‍්‍රීඩකයකු වන ලෙබ්‍රොන් ජේම්ස් පත්ව ඇති අතර ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 71. 5 කි.
 
 ෆෝබ්ස් ලැයිස්තුව විසින් නම් කර ඇති ලොව ධනවත්ම ක‍්‍රීඩකයන් සිය දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති එකම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වන්නේ විරාට් කෝලිය. ඔහු එම ලැයිස්තුවේ 66 වැනි තැනට පත්ව ඇති අතර ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 26 කි. 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles