Divaina - පාසල් සංගමය ක‍්‍රිකට් දේශපාලනයෙන් ඉවත් වුණා - පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපති කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
p16 1 - ක‍්‍රිකට් ආයතනය නැතිනම් පාසල් ක‍්‍රිකට් හාන්සියි’
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කොඳුනාරටිය රඳා පවතින්නේ පාසල් ක‍්‍රිකට් හරහාය. එදා සහ අදත් පාසල් කි‍්‍රකට් නිසා මෙරට ක‍්‍රිකට් රැුකෙන බව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ බොහෝ දෙනෙත් පවසති. ‘‘ඇත්තටම අපේ පාසල් ක‍්‍රිකට් හොඳ නිසා තමයි මෙහෙම හරි ක‍්‍රිකට් රැුකෙන්නෙ.’’ යැයි වත්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මීට කලකට පෙර ‘දිවයිනට’ පැවසීය. අපේ ක‍්‍රිකට් රකින පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇදගෙන යන්නේ පාසල් ක‍්‍රිකට් සංගමය විසිනි. ඒ පාසල් ක‍්‍රිකට් සංගමය දැන් රදා පවතින්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැමැති ‘මුක්කුවේ’ වාරුවෙනි. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් පාසල් කි‍්‍රකට් සංගමයට දෙන දොලපිදේනියක් නැතැයි තවත් සමහරුන් චෝදනා කරති. මේ කතාවේ ඇත්ත කුමක්ද? එය වර්තමානයේ මාර්තෘකාවට බඳුන්විය යුතුම කරුණකි.
 
 ඇත්තටම පාසල් ක‍්‍රිකට් සංගමයට ඔක්සිජන් දෙන්නේ කවුන්රුන්ද? වසරකට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මිලියන ගණන සොයා ගන්නේ කෙසේද? එදා පාසලෙන් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් පැමිණියාට අද එහෙම නොවන්නේ ඇයි? පාසල් හයසියකට වැඩි ගණනක් නඩත්තු වන පාසල් ක‍්‍රිකට් සංගමයේ මුලසිට අගටම කෙරුවාව හොඳින්ම දන්නේ එහි සභාපතිවරයාය. වත්මන් සභාපතිවරයා නාලන්දා විදුහලේ විදුල්පති තිලක් වත්තුහේවා මහතාය. නමුත් ඔහු සභාපතිවරයා ලෙස පත්වූ දිනට පසුදින සිට කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය වැටුණි. එබැවින් ඔහුට තවම වැඩ පටන් ගැනීමට කාලයක් නොවුණි. එහෙත් ඔහුගේ වත්මන් උප සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔෂාර පණ්ඩිතරත්න මහතාය. ඔහු වසර අටකට වැඩි කාලයක් පාසල් ක‍්‍රිකට් සංගමය සමග හැප්පුන කෙනෙකි. පසුගිය වසර තුනකට වැඩි කාලයක් පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා වූයේද ඔහුය. එබැවින් පාසල් ක‍්‍රිකට් කෙරුවා ගැන අපි ඔෂාර පණ්ඩිතරත්න මහතාගෙන් මෙසේ විමසුවෙමු.
 
p16 2 ප‍්‍රශ්නය :ඔබ පාසල් ක‍්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා. ඇයි සභාපතිකම අතහැරලා උප සභාපතිවරයා වුණේ?
 
 පිළිතුර : 2018/2019 සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මම. ඊට පෙරත් වසරක් සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. දැනට මම උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. නාලන්දා විදුහලේ විදුහල්පතිවරයා වන තිලක් වත්තුහේවා මහතා තමයි වත්මන් සභාපතිවරයා. ඔහු පත් වුණාට පසුදින ඇදිරීනීතිය වැටුණ නිසා තවම වැඩ කරන්න කාලයක් ලැබුණෙ නැහැ. දැන් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු කරනවා. සභාපතිකම හැමදාම තනි පුද්ගලයකු දරන්න ඕන නැහැ. අපි කතාවෙලා තමයි වත්තුහේවා මහතාව යෝජනා කරලා පත් කළේ. ඔහු ක‍්‍රිකට් ගහපු දක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි දක්ෂ නිලධාරියෙක්.
 
 ප‍්‍රශ්නය : කොරෝනා වසංගතයත් සමග පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය මොන වගේද සැලසුම් කරලා තියෙන්නෙ?
 
 පිළිතුර : ඇත්තටම අපේ අලූත් නිලධාරීන් පත්වෙලා මහා සභාව ඉවර වුණේ මාර්තු 12 වැනිදා. ඇදිරිනීතිය 13 වැනිදා දැම්මා. විධායක සභාව රැුස්වෙලා තමයි අපිට තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නෙ. ඉක්මනටම අපි තරගාවලි ලේකම්වරුන් පත්කළාට පස්සෙ තමයි තරගාවලි සම්බන්ධ අවසන් තීන්දුවක් ගන්න වෙන්නෙ. කොහොම වුණත් අපි නිල වශයෙන් තීන්දු ගත්තෙ නැති වුණත් අපි කතා බහ කරලා තියෙනවා වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ තරගාවලිය මේ වසරේදී පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක තියෙන බවට. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට 15 න් පහළ සංචිතයක අවශ්‍යතාවක් තියෙනවානම් තරග අඩු ප‍්‍රමාණයකින් තරගාවලිය පවත්වන්න අවධානය යොමු කරලා තියෙනවා. වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය කොහොම හරි ඉවර කරන්න උත්සහ කරනවා. මොකද විශ්වවිද්‍යාල යනකොට මේ ළමයින්ට ලකුණු ලැබෙනවා ඒ තරග නිසා. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත අපි තරග ලේකම්වරුන් පත්කරලා තරග ආරම්භ කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
 
 ප‍්‍රශ්නය : පාසල් මහා ක‍්‍රිකට් තරගවලට මොකද වෙන්නෙ?
 
 පිළිතුර : ‘‘බිග් මැච් :අදාළ පාසල් අතර සම්බන්ධයෙන් ක‍්‍රීඩා කරන්න පුළුවන්. පාසල් ක‍්‍රිකට් සංගමයේ නියෝජිතයෙක් අපි ඒ තරගවලට සහභාගී කරවන්න බලාපොරොත්තුවෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තියෙනවා පාසල් ක‍්‍රිකට් සංගමයෙන් නියෝජිතයෙක් මහා ක‍්‍රිකට් තරගවලට ලබාදෙන්න කියලා. තරග පාලනය කිරීම සදහා තමයි අපේ නියෝජිතයා ලබානේනෙ. දෙසැම්බර් මාසයේ ගැහුව්වත් අපි අපේ නියෝජිතයෙක් සම්බන්ධ කරවනවා. පාසල්වල කැමැත් අනූව ගහන්න බැරිවුන මහා තරග ගහන්න අපෙන් කිසිම ප‍්‍රශ්නයක් නැහැ.
 
 ප‍්‍රශ්නය : ජාත්‍යන්තර සැලැස්මකට අනූව පාසල් ක‍්‍රිකට් පද්ධතියේ වෙනස්කම් කරන්න කවුද සැලසුම් හදලා දෙන්නෙ?
 
 පිළිතුර : දැන් බලන්න වයස අවුරුදු 13 න් පහළ තරගාවලියේදී පුහුණුකරුවන් බලන්නේ තරග දිනවන්න. විදුහල්පතිලා අහනවා කෝ තරග දින්නද කියලා. ඒ නිසා අපි ජයග‍්‍රහණයෙන් මිදිලා තරග ගහන්න ඕන ක‍්‍රමයක් 13 න් පහළ තරගාවලියට ඇතුළත් කරනවා. පිතිකරුවන්ගෙ පැත්ත තාක්ෂණිකව ලබාදෙන්න තමයි අපි ඒ දේ කරන්නෙ. මේවා කරන්නෙ අපිට ක‍්‍රිකට් ආයතනයේ හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඔවුන් සමග සාකච්ඡුා කරලා අපේ දක්ෂ පුුණුකරුවන්ගේ උපදෙස් අනූව තමයි මේ වෙනස්කම් කරන්නෙ
 
 ප‍්‍රශ්නය : එදා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙන් අද පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ශක්තිමත් නැති බවත් ජාතික කණ්ඩායමට පාසල් කාලයේදී ක‍්‍රීඩකයකු සොයා ගැනීමට අපහසු බවට චෝදනාවක් තියෙනවා. ඇත්තටම ඒකට හේතුව කුමක්ද?
 
 පිළිතුර : එහෙම නැහැයි කියලා කියන්න බැහැ. කොළඹ මහානාමයේ ඉන්නවා පවන් රත්නායක කියලා ළමයෙක්. එයා තමයි අඩුම වයසින් ප‍්‍රිමියර් තරගයක ශතකයක් ගහලා තියෙන්නෙ. මහේල තමයි ඊට ඉස්සරවෙලා ඒ වාර්තාව තියලා තිබ්බෙ. ක‍්‍රීඩකයන් ඉන්නවා. හැම කාලෙම ඉස්කොලෙන් කෙළින්ම ලංකාවට ගිය ක‍්‍රීඩකයන් හිටියේ නැහැනෙ. ඒ කාලයේ කොළඹ පාසල් කීපයක් විතරයි ක‍්‍රිකට් ගැහුව්වෙ. අද එදාට වඩා ක‍්‍රීඩකයන් වැඩියි. පාසල් ගොඩක් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා. ගමට ක‍්‍රිකට් ගිහින් තියෙනවා. ඒ නිසා තරගකාරීත්වය වැඩියි. එදා පාසලෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ගියාට අද එහෙම යන්න පුළුවන් කමක් නැහැ. ඒක පාසල් කිකට්වල පසුබැස්මක් කියන්න බැහැ. තරගකාරීත්වය වැඩි නිසා තමයි එහෙම වෙන්නෙ..
 
 ප‍්‍රශ්නය : වයස අවුරුදු 19 න් පහළ ක‍්‍රීඩා කරන පාසල් ගණන සහ වයස අවුරුදු 13 න් පහළ ක‍්‍රීඩා කරන පාසල් ගණන කීයද? මේ සියල්ලට යටිතල පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය උදව් කරන්නේ නැද්ද?
 
 පිළිතුර : වයස අවුරුදු 13 න් පාසල් 600 කට වැඩිය ක‍්‍රීඩා කරනවා. 19 න් පහළ පාසල් 248 ක් ක‍්‍රීඩා කරනවා. මේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරගෙන යන්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලැබෙන සහය අති විශාලයි. කවුරු මොනවා කිව්වත් අපි ඒ ගැන කියන්න ඕන. ඒ වගේම ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන සහයත් මතක් කරන්න ඕන. එක සමානව හැම පාසලකටම යටිතල පහසුකම් දෙන එක ප‍්‍රශ්නයක්. ලංකාවෙ උඩින්ම ඉන්න පාසලක් තමයි රිච්මන්ඞ් විදුහල. හැබැයි ක‍්‍රීඩාංගණයක් නැහැ. පාසලේ ඉඩකඩ නැහැ. ඉතිහාසයේ පළමු වරට බෝලිං මැෂින් ලබාදුන්නා මම පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයාව ඉන්න කාලයේ. ඒකට මැදිහත් වුණෙත් ක‍්‍රිකට් ආයතනය. බොහොම විනිවිද භාවයක් ඇතිව දෙවැනි වටයට ආපු කණ්ඩායම් 16 ට තමයි බෝලිං මැෂින් දුන්නෙ.
 
 ඒ වගේම පැති විකට්ටු 220 ක් දුන්නා අවුරුදු දෙකක් තුළ. ලූම්බිණි විදුහලට පොඩි ඉඩක් තියෙන තැනකටත් සයිඞ් විකට් එකක් ධාලා තියෙනවා. අපි පොඩි හරි දෙයක් පාසලකට දීලා තියෙනවා. තණතීරු ආවරණ දීලා තියෙනවා. එක පුද්ගලයකුට තනියෙන් මෙහෙයවන්න පුළුවන් රෝලක්. ඒ එක මැෂින් එකක් ලක්ෂ හයක් හතක් වෙනවා. ‘රෝලර්ස්’ (තණතීරු තලන ගල්රෝල්** 300 ක් දීලා තියෙනවා. මැටීරියල් බෑග් 200 ක් විතර දීලා තියෙනවා. ඊට අමතරව සමහර පාසල්වල තියෙනවා ආදි ක‍්‍රීඩා සංගම්. ඒවාටත් උදව් කරලා තියෙනවා. ධර්මපාල ක‍්‍රීඩාංගණය හදන්න මිලියන 80 ක් දුන්නා ක‍්‍රිකට් ආයතනයෙන්. ත‍්‍රිත්ව පාසලටත් අස්ගිරිය ක‍්‍රීඩාංගණය හදන්නත් මිලියන හය හතක් දුන්නා. අපි ලැබෙන සල්ලි ගලපනවා. අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණය හදනවා ක‍්‍රිකට් ආයතනයෙන්. ධර්මාශෝක, දේවානන්ද, මාදම්ප සෙන්ටල්, බලපිටිය රේවත, ශ‍්‍රීපති වගේ පාසල් කිහිපයකට ඒ ක‍්‍රීඩාංගණය වටිනාව ක‍්‍රීඩා කරන්න. ‘ටර්ෆ්’ තණතීරුවක් දෙන්න පුළුවන් පාසලකට. හැබැයි ඒවා නඩත්තු කරන්න පුළුවන් පාසල්වලට විතරයි දෙන්න පුළුවන් වෙන්නෙ. ඒක නඩත්තු කිරීම පහසු කාර්්‍යයක් නෙමෙයි. ඒ හයිය තියෙන්න ඕන පාසලට අපි ‘ටර්ෆ්’ දෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් ක‍්‍රීඩාංගණයක් කිව්වහම ක‍්‍රීකට් විතරක් නෙමෙයි ක‍්‍රීඩා කරන්නෙ. ඒ නිසා ‘ටර්ෆ්’ දුන්න පළියට නඩත්තු කරන්න පුළුවන්කමක් තියෙන්නෙ ඕන.’’
 
 ප‍්‍රශ්නය : හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන පවා පසුගියදා චෝදනා කළා පාසල් ක‍්‍රිකට් සංගමයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් දෙන සහය මදියි කියලා. ඔබට මොනවද ඒ ගැන කියන්න තියෙන්නෙ?
 
 පිළිතුර : එතනදි පාසල් ක‍්‍රිකට් සැලැස්ම ගැන මම කියන්න ඕන. මහේල ජයවර්ධන මහත්මයා, රොෂාන් මහානාම මහත්තයා වගේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇවිල්ලා මූලික සාකච්ඡුාවක් කළා පාසල් ක‍්‍රිකට් සැලැස්මක් හදන්න. ඕකේ මුලින්ම කියන්න ඕන හිටපු ආණ්ඩුව රුපියල් මිලියන 200 ක් අය වැයෙන් වෙන් කළා. ඊට පස්සෙ හිටපු ලේකම් කපිල ජයලත් ඇතුළු පිරිසක් සැලැස්මක් හැදුවා ඒ සැලැස්ම හදන්න අපි දවසක් දාගෙන ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නාඞ්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානිහේවගේ කට්ටිය එකතු වෙලා තමයි පාසල් ක‍්‍රිකට් සැලැස්ම හැදුවෙ. ඒ සැලැස්ම තමයි අපි මහේලලාට දුන්නෙ. පස්සෙ අපි හදපු සැලැස්ම කාල්ටන් බර්නාඞ් මහත්තයා ඉංග‍්‍රීසියට පරිවර්තනය කළා. ඒ අපි හදපු සිංහල පිටපත ඉංග‍්‍රීසියට හරවපු එක තමයි පාසල් ක‍්‍රිකට් සැලැස්ම කියලා දවසක් කට්ටියක් භාරදුන්නෙ. ඒ හැරෙන්න වෙන දෙයක් තිබුණෙ නැහැ.
 
 ප‍්‍රශ්නය : හිටපු ක‍්‍රීඩකයන් ඇතුළු පිරිස හදලා තියෙන්නෙත් ඔබලාගේ සැලැස්මද?
 
 පිළිතුර : අපි හදපු සැලැස්ම තමයි ඉංග‍්‍රීසියට හරවලා තියෙන්නෙ. දැන් බලන්න ක‍්‍රීඩාව බලන කට්ටියට තේරෙනවා තියෙන අඩුපාඩු. හැබැයි මමනම් ක‍්‍රිකට් ගහලා නැහැ. මම හැබැයි ක‍්‍රිකට් පරිපාලනය කරන්න හොඳට දන්නවා. මගේ පාසලේ ක‍්‍රිකට් තිබුණෙ නැති නිසා තමයි ක‍්‍රිකට් ගහන්න බැරි වුණේ. ඒත් අපි සැහැල්ලූ පන්දු හොඳහට ගහපු මිනිස්සු. පාසල් ක‍්‍රිකට් සංගමය තුළ ඉන්නවා පුහුණුකරුවන් සහ විනිසුරුවන් විදිහට කටයුතු කරන අති දක්ෂ කණ්ඩායමක්. ඒ අය තමයි මේ සම්බන්ධයෙන් යෝජනා කරන්නෙ.
 
 ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් පාසල් සංගමයට ඉදිරියේදී මොන වගේ සහයක්ද බලාපොරොත්තු වෙන්නෙ?
 
 පිළිතුර : අපි දෙගොල්ලන් අතර මනා සහයෝගයක් තියෙනවා. මම එන්න කලින් තිබුණට වඩා තත්ත්වය දැන් ඉතාමත් හොදයි. අපේ අනුග‍්‍රහකයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්. පාසල් කි‍්‍රකට් අනුග‍්‍රහකයා ඉවත්වෙන වෙලාවේ මම කල්පනා කළා කොහොමද සංගමය ගෙනි යන්නෙ කියලා. එතනදි තමයි ක‍්‍රිකට් ආයතනය අවුරුදු පහකට වැඩි කාලයක් පුරා අනුග‍්‍රහය දෙන්නෙ. මම ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හම්බවෙලා කිව්වා අනුග‍්‍රහයේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සෙ එතුමා සම්පූර්ණ පාසල් ක‍්‍රිකට් තරගාවලියම අනුග‍්‍රහය කරන්න බාරගත්තා. තිලංග සුමතිපාල මහතා සභාපතිවරයා ඉන්න කාලෙත් අපිට උදව් කළා.
 
 ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ පාසල් ක‍්‍රිකට් සංගමය අතර වසර ගණනාවක් පුරා තිබුණ කඹ ඇදිල්ල සහ හිත්අමනාපකම් කොහොමද සහෝදර කමකට පෙරළුණේ
 
 පිළිතුර : මමත් පාසල් ක‍්‍රිකට් සංගමයේ අවුරුදු අටකට වැඩි කාලයක් ඉන්නවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී අපි තීන්දු කළා කිසිම පාර්ශ්ශවයකට ඡුන්දයක් දෙන්නෙ නැහැ කියලා. මැතිවරණ කමිටුව මගෙන් ඇහුව්වාම මම කිව්වා අපිට ඡුන්දය නැහැ කියලා නිකන් හිටියා. අපිට ඡුන්දය තිබ්බා අපි පාවිච්චි කළේ නැහැ. පත්වෙන කෙනත් එක්ක අපි වැඩ කරනවා. ක‍්‍රිකට් දේශපාලනය තුළ පාසල් ක‍්‍රිකට් සංගමය ඉවත් වුණා.
 
 ප‍්‍රශ්නය : පාසල් ක‍්‍රිකට්වලට අනුග‍්‍රහය ඕන වෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දෙන්නෙ මොන වගේ අනුග‍්‍රහයක්ද? එහෙම දෙන්නෙ නැති නිසා ඇතමුන් චෝදනා කරනවා ඇති
 
 පිළිතුර : පන්දු ලබාදෙනවා, පළමු කොටසේ පාසල් 68 කට පන්දු 45 ගානේ දෙනවා. තෙවැනි කොටසේ පාසල් 60 කට පන්දු 36 ගානේ. දෙවැනි කොටසේ දෙවැනි කාණ්ඩයේ පාසල් 120 කට පන්දු 24 ගානේ හම්බ වෙනවා. වයස අවුරුදු 19 න් පහළ තරගාවලිවලට මිලියන 220 ක් වගේ වියදම් කරලා තියෙනවා. පැති විකට්, බෝලින් මැෂින් දෙන්න මිලියන 230 ක් මගේ කාලයේදී දීලා තියෙනවා. වයස අවුරුදු 15 න් පහළ තරගාවලියට මිලියන 6.5 ක් විතර දීලා තියෙනවා. කොහොම හරි පන්දුවලට මිලියන 9 ක් විතර වියදම් වෙනවා. ඊට අමතරව තමයි අපිට වසරකට මිලියන 18 ක් දෙන්නෙ. දැන් ඒක මිලියන 25 කට වැඩි කරන්න ක‍්‍රිකට් සභාපතිතුමා එකඟවෙලා තියෙනවා. කොහොම හරි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහය දෙන්නෙ නැතිනම් පාසල් ක‍්‍රිකට් සංගමය දැන් හාන්සියි. ගමේ පාසල්වලට ක‍්‍රිකට් ගහන්න වෙන්නෙ නැහැ. නගරවල පාසල් විතරක් ක‍්‍රිකට් ගහයි.
 
 සාකච්ඡා කළේ :  අසේල විතාන

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles