Divaina - අවදානම සමග අයි.සී.සී.ය විස්සයි විස්ස ලෝක කුසලානට සූදානම් වෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

iccdලොව පුරා උද්ගතවී ඇති කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය කල් යන බවට මත පළ වුවද එවැනි සැලසුමක් නැති බව අයි.සී.සී.ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයන් අතර රැස්වීමක් ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ ඊයේ (28 දා) පැවැති අතර එහිදී අයි.සී.සී. නිලධාරීන් මෙන්ම සියලූ සාමාජික රටවල ප‍්‍රධානීන්ගේ මූලික මාර්තෘකාව බවට පත්ව ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් ලබන 2021 වසරේදී ඉන්දියාවේත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන බැවින් එකළඟ ලෝක කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීම කාලෝචිත නොවන බැවින් මෙම වසරේදී තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.

පේ‍්‍රක්ෂකයන් නොමැතිව සහ නිරෝධායනය ප‍්‍රතිපත්තිවලට අනුකූලව රටවල් 16 ටම ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැකි බවත් ඔස්ටේ‍්‍රලියානු රජය සහ ක‍්‍රිකට් ආයතනය ඒ වෙනුවෙන් උසස් සත්කාරයක් ලබාදීමට සූදානම් බවත් මාර්තෘකාවට බඳුන්ව තිබේ. ඒ අනූව යොදාගත් පරිදිම ලෝක කුසලාන පැවැත්වීමට වැඩි දෙනාගේ එකඟතාව හිමිව තිබේ.

‘‘විස්සයි විස්ස ලෝක කුසලාන කල්දැමීම සම්බන්ධයෙන් නොයෙකත් කතා පැතිර ගොස් තියෙනවා. එහෙත් අයි.සී.සී.ය විසින් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. දැනට තියෙන තත්ත්වය අනූව සැලසුම් කර ඇති ආකාරයටම තරගාවලිය පවත්වන්න තමයි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා පළමු සෑම දෙනාගේම ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කරනවා.’’ යැයි අයි.සී.සී. නිවේදනයේ සඳහන් වේ. නමුත් එම නිවේදනය යැවීමෙන් පසුව අයි.සී.සී. ප‍්‍රධානීන් සහ සෙසු සාමාජික රටවල ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතර සාකච්ඡාව පවත්වා තිබේ.

මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරියකු සඳහන් කරන්නේ, ‘‘අවසන් තීන්දුවක් ඊයේ ගන්න පුළුවන් හෝ බැරිවෙන්න පුළුවවන්. නමුත් අවිනිශ්චිත සැලසුම් ගණනාවක් තියෙනවා. කොහොම වුණත් ලබ ජුලි මස මැද භාගය වන තෙක් තීන්දුව ගැනීමට ඉඩ දිය යුතුයි.’’ යනුවෙනි. තවත් අයි.සී.සී. නිලධාරියකු පවසා ඇත්තේ අවසන් තීන්දුව ගැනීමට ප‍්‍රමාද වීමෙන් පාර්ශ්ශවකරුවන්ට හානියක් වනු බවයි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles