Divaina - ‘මුදල් වියදම් කරන්න ඕන ක‍්‍රීඩකයන් බිහි කරන්න, අපේ දැන් ක‍්‍රිකට් බ‍්‍රෑන්ඞ් එක නැහැ’... මහේල කියයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ක‍්‍රිකට් හදන හැටි  හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ අගමැතිට කියති

අසේල විතාන

p16 1ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් රජයෙන් ලබාදෙන අක්කර 28 ක භූමි භාගයක හෝමාගම ඉදිකිරීමට ගිය ශ‍්‍රී ලංකාවේ විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සකස් කිරීමේ ව්‍යාපෘතිය නතර විය. ඒ හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩයන් සහ ක‍්‍රිකට් ප‍්‍රවීණයන් පිරිසක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවකදීය.

ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් වියදම් කරමින් ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට වඩා මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසුරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අග‍්‍රාමාත්‍යවරයා හමුවේ විවෘත අදහස් දැක්වීය. එම අදහස් ‘දිවයින’ පාඨකයන් වෙනුවෙන් අපි මෙසේ සටහන් කරමු.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කවුරු ආවත් ක‍්‍රියාත්මක කරන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි

රොෂාන් මහානාම

‘‘මගේ පුද්ගලික අදහස රටේ සහ ලෝකයේ තියෙන වතාවරණය අනුව ක‍්‍රීඩාව ගැන අපි කතා කර යුතු වෙලාවක්ද කියන එක තියෙනවා. 1987 ලෝක කුසලාන ක‍්‍රීඩා කළ පුද්ගලයකු හැටියට සහ 1996 ලෝක කුසලාන පුද්ගලයකු හැටියට මම කියන්නෙ අපි අපේ රටේ ලෝක කුසලාන දෙකක් ක‍්‍රීඩා කරලා තියෙනවා අපේ පහසුකම් අනුව.

ඊට පස්සෙ මම තරග තීරකවරයෙක් විදිහට වැඩ කළා 2006 වසරේ තිබුණ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේදී. ඒකත් සංවිධානය කරලා තිබ්බෙ අපේ රටේ තිබුණ ක‍්‍රීඩාංගණවල. 2011 ලෝක කුසලාන සම සංවිධායකයන් වශයෙන් අපේ රට සත්කාරකත්වය දරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන 2012 දී අපි විස්සයි විස්ස ලෝක කුසලාන තනි සත්කාරකත්වය දරලා තියෙනවා මේ තියෙන පහසුකම් එක්ක.

කෙත්තාරම ක‍්‍රීඩාංගණය වෙනත් ප‍්‍රශ්නයක් උඩ අයින් කරනවනම් අපි දන්නෙ නැහැ කොහොම තීරණයක් ගන්නවද කියන එක. මම කියන්නෙ අපිට තියෙන ක‍්‍රීඩාංගණවල ප‍්‍රමිතිය වැඩි දියුණු කරලා ඒඅ යට සහයදීලා ඒ මට්ටමට ගෙනියන එක තමයි මම හිතන්නෙ. මොරටුවේ ඉදන් අපිට මාතර දක්වා යනකොට මේ පැත්තට වැඩිය ක‍්‍රීඩා සමාජ තියෙනවා අනිත් පැත්තට වඩා. මම කියන්නෙ පළමු පෙළ සහ දෙවැනි පෙළ තියෙන ක‍්‍රීඩා සමාජ ගැන.

‘‘මම හිතනවා ඒ පළාත්වලින් ක‍්‍රීඩකයන් බිහිවන නිසා ඒ අවස්ථාව ඒ පළාත්වලට සහ පාසල්වලට ලබාදිය යුතුයි. පාසල් 300 ක් විතර තියෙන්නෙ පුළුවන් මේ පරිසරයේ. ඒ පාසල් 300ට මෙවැනි දුරක් එන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්. අගමැතිවරයා කියූ පරිදි අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුබැස්මක් තියෙනවා. මහේලයි අපි එක්වෙලා අධ්‍යාපනය අමාත්‍යාංශයට සැලැස්මක් දුන්නා ක‍්‍රිකට් ගොඩ නගන්නෙ කොහොමද කියලා. ක‍්‍රිකට් ආයතනය පැත්තෙනුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ක‍්‍රිකට් ගොඩනගන්න අවස්ථාව ලබාදීම තමයි.

ක‍්‍රිකට් සංවර්ධනය ගැන කතා කරන කොට අපි පැත්තක් ගන්නෙ නැතිව කියන්න ඕන දේ කියන්න ඕන. මේ වෙලාවෙ අපිට අවංකව කතා කරන්න අවස්ථාවක් දුන්න නිසා තමයි කතාකරන්නෙ. මට වගකීම තියෙන්නෙ ක‍්‍රිකට් ගැන. අනිත් ක‍්‍රීඩාවන්වලටත් ඒකම තිබ්බොත් හොඳයි. අපි ජාතික ප‍්‍රතිපත්තියක් හදන්න ඕන මොන පාලනය ආවත් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට.

මීට පෙර හිටපු කට්ටිය කෙත්තාරාමයේ පිහිණුම් තටාකයක් හදන්න ගත්තා. ඊට පස්සෙ ඒක නවත්තලා වෙනින් එකක් පටන් ගන්නවා. ජාතික ප‍්‍රතිපත්තියක් තිබ්බනම් එවැනි දෙයක් වෙන්නෙ නැහැ. අපිටත් වගකීමක් තියෙනවා රජයක් විදිහට එවැනි දෙයක් කරන්න.’’

බලය ප‍්‍රාන්තවලට විමධ්‍යගත කළ යුතුයි අපි සියලූ දේ සංස්කරණයක් නැහැ

කුමාර් සංගක්කාර

පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩාව සහ කී‍්‍රඩා සමාජවල තරගාවලි මීට වඩා ශක්තිමත් කළේ නැතිනම් අපිට කවදාවත් ශක්තිමත් ජාතික කණ්ඩායමක් හදන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් වන තණතිරු සහ අත්දැකීම් ලබාදෙන්න ඕන. දැන් තියෙන ක‍්‍රීඩා සමාජ තරගාවලි ගත්තහම ඒකෙ විශාල දුර්වලතා තියෙනවා. එතන තියෙන විශේෂ දුර්වලතාවක් තමයි ක‍්‍රීඩා කරන කණ්ඩායම්වලට ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කරලා අත්දැකීම් නැහැ. සමහර කණ්ඩායම්වල ඕනෑම මට්ටමක ක‍්‍රීඩාංගණයකුත් නැහැ. මේ තත්ත්වය දියුණු කරන්න අවශ්‍ය යටිතල පහසුකම්වලට විශාල මුදලක් වියදම් කරන්න සිදුවෙනවා.

ඒ වගේම උතුරු නැගෙනහිර ගත්තහම යුද්ධයෙන් පස්සෙ ගුණජය පදනම තමයි මුලින්ම ගිහිල්ලා කී‍්‍රඩාංගණ හතරක් හදලා දුන්නෙ. මම හිතන්නෙ ඒ කාලයේදී ක‍්‍රිකට් ආයතනය යාපනයේ ශා.පැට්ටි‍්‍රක් විදුහලට ටර්ෆ් තණතීරුවක් හදලා දුන්නා. අපි ලංකාවේ දහනවයෙන් පහළ ඉන්න හොඳම කණ්ඩායම් 23 ක් ගෙනිහිල්ලා එහෙම කරපු ක‍්‍රීඩා තරගාවලියේදී අපි දැක්කා විශේෂ ක‍්‍රීඩා කෞෂල්‍යයන් තියෙන ළමයි එහෙම ඉන්නවා කියලා. නමුත් ඔවුන්ට තියෙන පහසුකම් ඉතාම අඩුයි.

බංග්ලාදේශය ගත්තහම අපිට වඩා විශාල ජනගහණයක් ඉන්නවා. ඒත් අපේ තරම් ක‍්‍රීඩාංගණ නැහැ. ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණත්අපේ තරම් නැහැ. ඒත් ඔවුන්ගේ ක‍්‍රීඩා කෞෂල්‍ය වැඩි දියුණු වෙලා තියෙන්නේ ඔවුන්ගේ සැලැස්ම වඩාත් හොඳ නිසා. ගොඩක් රටවල් ගත්තහම ක‍්‍රිකට් පාලක මණ්ඩලවලට ක‍්‍රීඩාංගණ අයිති නැහැ. ඒවා නඩත්තු කරන්නෙ වියදම අඩු කරගන්න ඕන නිසා ප‍්‍රාන්තවල ක‍්‍රිකට් සංගම්වලට ඒ අයිතිය විමධ්‍යගත කරලා තියෙනවා. එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව ඉන්දියාව ගත්තහම ඒ රටවල පාලක මණ්ඩලය කී‍්‍රඩාංගණ අයිති කරගන්නෙ නැහැ.

2011 වසර ගත්තහම අපි කළ ආයෝජනයට හරියන ලාභයක් ආවේ නැහැ. මම දන්න විදිහට විශාල පාඩුවක් වෙලා අවුරුදු ගාණකට පස්සෙ රජයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නඩත්තු කරන්න මුදල් යොදවන්න සිද්ධ වුණා. අපිට තියෙන ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවල පුහුණුවීම් දියුණු කරන්න ඕන. මම හිතන්නෙ කෙත්තාරම ක‍්‍රීඩාංගණය ගත්තහම අපිට ගෘහස්ථ ක‍්‍රීඩාගාරයක් නැහැ. අපි ක‍්‍රීඩා කරන කාලයේදී සැලැස්මක් තිබ්බා. එතන තමයි අපේ ක‍්‍රිකට් ඇකඩමිය තියෙන්නෙ. ඒත් පිහිණුම් තටාකයක් නැහැ. වහින කාලයට පුහුණුවිම් කරන්න පහසුකම් නැහැ. පල්ලකැලේ සහ ගාල්ලෙත් එහෙමයි. අපි ගත්තහම හැමතැනම විශාල අඩුපාඩු තියෙනවා. ඒ නිසා මේ මුදල් වලින් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවලට වඩා අපේ රටේ ළමයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීලා ඔවුන්ගේ දක්ෂතා දියුණු කරන්න පුළුවන්.

අපේ සියලූදේම සංස්කරණයක නැහැ. මෙතන ගත්තහම කෑලි කෑලි ගොඩක් තියෙනවා. පාසල් ක‍්‍රිකට් සංගමය, ක‍්‍රීඩා සමාජ. ඒ නිසා මෙතන හුගාක් අවුලක් වෙලා තමයි තියෙන්නෙ. ප‍්‍රාන්තවලට මේ දේ විමධ්‍යගත කරන්න ඕන. එතකොට ප‍්‍රාන්තවලට බලය දුන්නහම ඒ මගින් තමයි පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සහ ව්‍යූහය තුළට හොඳ විනිවිද භාවයක් සහ වගකීමක් ලබා ගන්න පුළුවන්නම්, ඒ වගේම ක‍්‍රීඩා නීතිය හරි විදිහට සකස් කර ගත්තනම් හැම දෙනාටම එක හා සමාන වගකීමක් යනවා. අපි 2009 ඉදන් ප‍්‍රාන්තවලට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විමධ්‍යගත කරලා බලය දුන්නම් ඒ ප‍්‍රාන්ත වලින් අදාළ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය, ඒ ක‍්‍රීඩා සමාජ තරගාවලිය සහ ඒ පැත්තෙන් කණ්ඩායමක් තේරීම මෙන්ම පාසල් බලා ගන්නත් දිය යුතුයි. ඒ අනූව ඒ ප‍්‍රාන්තයට සියලූම වගකීම් දිය යුතුයි මුදල් පරිපාලනය, ක‍්‍රිකට් සංවර්ධනය කිරීම ආදියත්. එතනින් පටන්ගත්තනම් ප‍්‍රශ්නය ගොඩක් විසදගන්න තිබුණා.

‘හැමෝම එකතු වෙලා ක‍්‍රිකට් හදන්න ඕන’

සනත් ජයසුරිය

මම වෙන්න ඇති ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට දුරින්ම ආපු ක‍්‍රීඩකයා පිට පළාත් ගත්තහම.. අපි ක‍්‍රීඩකයන් සියලූ දෙනාම කියනවා වගේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිසා තමයි අපි සියලූම දෙනා මේ තැනට ඇවිල්ලා ඉන්නෙ. වෙන කොහෙන්වත් ඇවිල්ලා නැහැ. අපේ පොඩි කාලයේ දැකපු ඒ ක‍්‍රීඩාව අද සෑහෙන්න පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. අද කොළඹ ඉදන් මාතරටත් මාතර ඉදන් හම්බන්තොට ගත්තහම පාසල්වල තියෙන දේවල් දැක්කහම හරිම කණගාටුයි. ක‍්‍රිකට් ක‍්‍රීඩාව උඩට ගේන්න ඕනනම් අපි ඒ පාසල්වලට ළමයිට ගොඩක් දේවල් කළ යුතුයි.

මම යෝජනා කරනවා පාසල්වලට දෙන්න පුළුවන් සහයෝ දෙන්න ඕන ක‍්‍රීඩකයන් බිහි කරගන්න. ඒ වගේම ගොඩක් පාසල්වලට තණතීරු නැති ප‍්‍රශ්නය තියෙනවා. ඒක ලොකු ප‍්‍රශ්නයක්. අපි මැටින් එකේ පුහුණුවීම් කරලා කොළඹ ඇවිල්ලා ගහන්න ඕන ටර්ෆ් විකට් එකේ. අපේ ළමයි එතකොට දන්නෙ නැහැ කොහොම ගහන්නෙ කියලවත්. අපි බලන්න ඕන උතුරු පළාතට උදව් කරලා තියෙනවා මදි. ඒ නිසා ඒ පැත්තටත් අපි උදව් කරන්න ඕන. අපි දැන් පල්ලෙහාට වැටිලා තියෙන තැනින් ගොඩ ගේන්න ඕන. ඒක නිසා අපි එක එක්කෙනා එහෙට මෙහෙට ඇද ඇද හිටියොත් මේක කරන්න බැහැ. ඒ නිසා අපි සියලූ දෙනාම එක්වෙලා මේ වැඬේ කරන්න ඕන.

‘මුදල් වියදම් කරන්න ඕන ක‍්‍රීඩකයන් බිහි කරන්න, අපේ දැන් ක‍්‍රිකට් බ‍්‍රෑන්ඞ් එක නැහැ’

මහේල ජයවර්ධන

අපි පසුගිය කාලයේ පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කළා. එතනදි මධ්‍යම පළාතේ පාසල් 50 ක් තියෙනවා. ක‍්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ අයට සෙල්ලම් කරන්න පුළුවන් තණතිලි තියෙන්නෙ හතරයි. බස්නාහිර පළාත ගත්තොත් පාසල් 169 ක් තියෙනවා. එතනදි තණතීරු තියෙන පාසල් තියෙන්නෙ 18 යි. සමහර පාසල්වලට ක‍්‍රීඩාංගණ තිබුණත් මැටින් එකේ සෙල්ලම් කරන්නෙ. උතුරු පළාත ගත්තොත් පාසල් 26 ක් ක‍්‍රීඩා කරනවා එක තණතීරුවයි තියෙන්නෙ. සබරගමුව පළාත ගත්තොත් එකම තණතීරුවක් එක්කවත් පාසලක් නැහැ. වයඹ පළාත ගත්තොත් පාසල් 41 ක් තියෙනවා. තණතීරු 3 යි තියෙන්නෙ. දකුණු පළාත ගත්තොත් පාසල් 50 ක් තියෙනවා තණතීරු තියෙන්නෙ 3 යි.

පළමු පෙළ අපේ කණ්ඩායම් නවයකටම තමන්ගෙ කියන කී‍්‍රඩාංගණයක් නැහැ. පළමු පෙළ කණ්ඩායම් ගත්තොත් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවල ක‍්‍රීඩා කරන්නෙ කණ්ඩායම් දෙකයි. ඒ එස්.එස්.සී. සහ ටැමිල් යුනියන් ක‍්‍රීඩා සමාජය තියෙන පී.සරා ඕවල් එකයි. ඒ ළමයින්ට අත්දැකීම් නැහැ අපේ ක‍්‍රීඩාංගණවල සෙල්ලම් කරලා. අපි ගත්තොත් සූරියවැව, පල්ලකැලේ, දඹුල්ල සහ කෙත්තාරම එකකවත් අපි පළමු පෙළ තරග ක‍්‍රීඩා කරන්නෙ නැහැ. අපේ වැඩිපුරම ක‍්‍රීඩකයන් ඇවිල්ලා තියෙන්නෙ පාසල් ක‍්‍රිකට් නිසා. පසුගිය අවුරුදු 15 ටම සහ 20 ටම අපේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කිසිම අවධානයක් යොමු කරලා නැහැ. අපිට අන්තිම අවුරුදු 15 දී වැඩිපුරම ක‍්‍රීඩකයන් බිහිවෙලා තියෙන්නෙ පිට පළාත්වලින්. අපි තවම පිට පළාත්වලිට අවශ්‍ය පහසුකම් දීලා නැහැ. උතුරු නැගෙනහිර දක්ෂ ළමයි හිිටියත් ඒ ළමයින්ට කිසිම පහසුකම් දීලා නැහැ.

අපි ඩොලර් මිලියන 40 ක ණයක් ගත්තොත් සියයට තුනක හතරක පොළියක් ගෙවන්න වෙනවා. ණයයි වාරිකයයි ගත්තොත් අපි මිලියන 3.5 ක් ගෙවන්න අවුරුදු 10 ක් හෝ 15 ක් යයි. ඒ මුදල අපිට යොදවන්න පුළුවන්නම් අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හදන්න හොඳ ආයෝජනයක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සහ කණ්ඩායම කියන්නෙ බ‍්‍රෑන්ඞ් එකක්. දැන් අපේ ඒ බ‍්‍රෑන්ඞ් එක නැහැ. ඒක නැතිවුණාම වෙන්නෙ අපිට රූපවාහිණි අයිතියෙන් ලැබෙන ආදායමත් නැතිවෙනවා. අපිට ජාත්‍යන්තර අනුග‍්‍රහයනුත් එවිට අඩු වෙනවා. දැන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයත් මුදල් කප්පාදුවකට සැරසෙනවා කියලා මම දැක්කා ඒ අයගෙ වැඩ කරන කට්ටිය අඩු කරලා. මම හිතන්නෙ නැහැ ඔය හිතන තරම් ආදායමක් ඉදිරි අවුරුදු පහ තුළ ලැබෙයි කියලා. එහෙම හිතලා අපි සැලැස්මවල් හැදුවොත් අපි ලොකු කරදරයක වැටෙනවා. අපේ රටේ තත්ත්වය බලලා අපි ක‍්‍රීඩකයන්ව බිහි කරන්න තමයි මුදල් යොදවන්න ඕන.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles