Divaina - විස්සයි විස්ස ලෝක කුසලාන දිනන්න මුල්ම අඩිතාලම දුන්නෙ රංගන හේරත්...ශූරයන් වී හය වසරකට පසුව මාලිංග කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 sp1
 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගෙන පසුගිය අපේ‍්‍රල් හය වැනිදාට වසර හයක් සපිරුණි. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ ලසිත් මාලිංගය. ඔහු ඊට පෙරද 2014 විස්සයි විස්ස ලෝක කුසලාන නායකත්වය දරමින් ශූරතාව රැගෙන එන බවට පුහුණුකරුවන් සමග පැවසූ බවත් හය වැනි සංවත්රය සිහිකරමින් පැවසීය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය අංශය සමග පැවැති සාකච්ඡා වකදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.
 
 ‘‘දවසක් මම පුහුණුකරු සහ තවත් කීපදෙනෙක් ඉන්න තැනකදී කිව්වා බය වෙන්න එපා 2014 වර්ල්ඞ් කප් එක මම කැප්ටන් කරලා දිනාගෙන එනවා කියලා. මං දන්නේ නෑ මොන හේතුවක් නිසා එදා මම ඒ දේ කිව්වද කියලා. එතකොට මං කැප්ටන් වෙන්න හිතලවත් නැහැ. කොහොම හරි නවසීලන්තය එක්ක තිබුණ තරගය ජය ගත්තට පස්සේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් අයියා ඇවිල්ලා මට කිව්වා දිගටම කැප්ටන් කරන්න කියලා.’’
 
 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිත්‍ය නායකයා වශයෙන් නම් කර තිබු දිනේෂ් චන්දිමාල්ට එක් තරගයක් අහිමි විය. ඒ නවසීලන්තය සමග තරගයයි. අනතුරුව එතැන් සිට චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයද අහිමි වෙද්දී මාලිංගගේ නායකත්වය යටතේ ඉතිරි තරග සියල්ලම ජය ගත් ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.
 
 ‘‘මේ ජයග‍්‍රහණයට අපි මුල්ම අඩිතාලම දාලා දුන්නෙ රංගන හේරත් අයියා. නවසීලන්තය සමග පැවැති සුපිරි වටයේ තරගයේදී අපි ගැහුව්වෙ ලකුණු 120 යි. ඒත් රංගන අයියා තනියම තරගය දිනවලා දුන්නා. ඒ දේ වුණේ නැතිනම් අපිට ලෝක කුසලාන ජය ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ජයග‍්‍රහණයේ ගෞරවය රංගන අයියාට හිමි වෙන්න ඕන. එයා තමයි අවශ්‍යම මොහොතෙ කඩුලූ හයක් අරගෙන නොසිතූ ජයග‍්‍රහණයක් ගෙනල්ලා දුන්නෙ.’’ යැයි මාලිංග පවසයි.
 
 මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් 2014 දී විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුයේ බංග්ලාදේශයේ මීපුර් ජාතික ක‍්‍රීඩාංගණයේදීය. 1996 පන්දුවාර පනහ ලෝක කුසලානට පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ලද ඉස්තරම්ම ජයග‍්‍රහණයද මෙය වේ.
 
 ‘‘තරගයට කලින් දවසෙ ? අපේ කණ්ඩායමේ පන්දු යවන්නන් සියලූම දෙනා මගේ කාමරයේ හිටියා. කොච්චර ජ්‍යෙෂ්ඨයෙක් වුණත් රංගන අයියත් ඒ අතර හිටියා. එතැනදී අපි බැලූවේ ප‍්‍රතිවාදී කණ්ඩායම පීඩනයකට ලක් කරනවාට වඩා අපේ හැකියාවෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක. විශේෂයෙන්ම පීඩනයක් ආවොත් කවුද පන්දු යවන්න ගේන්නේ, මොන වගේ තැන්වලටද අපි පන්දු යැවිය යුත්තේ වගේ දේවල් අපි සාකච්ඡා  කළා. ඒ වගේම අවස්ථානුකූලව අපි හැසිරෙන්නේ කොහොමද කියලත් සාකච්ඡා කළා.’’
 
 කණ්ඩායමේ සාමූහික හැඟීම ජයග‍්‍රහණයට මනා පිටිවහලකි. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයද එම ඓතිහාසික විස්සයි විස්ස ලෝක කුසලාන වේ.
 
 ‘‘අපි එදා උත්සහ කළේ ක‍්‍රීඩකයන් පැවරෙන වගකීම ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒ දේවල් ගොඩක් සාර්ථක වුණා. ඒ තරගයේ අවසන් පන්දුවාර හතර අපි යවපු හැටි අදටත් කතා වෙනවා. ඒක පාරට ඒ දේවල් කරන්න බැරි වුණත් අපි කළ යුතු දේ වෙලාවට කළා. අපිට දක්ෂතාව ඕන වෙලාවක දක්වන්න පුළුවන් කියල මානසිකත්වයත් තිබ්බා.’’
 
 2014 විස්සයි විස්ස අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමද අභියෝගයකි. ඒ සම්බන්ධයෙන් මාලිංග පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘මට මතකයි කවුරු හරි කිව්වා දෝනි එක්ක ටොස් එක දිනන එක හරි අමාරුයි කියලා. එයා කවදාවත් මේ වගේ ලොකු තරගවලදී ටොස් එක පරාද වෙන්නෙ නෑ කියලා කිව්වා. ඒ වෙලාවෙදි ඒ කියපු කෙනාට මං කිව්වා රයිට් මෙදා පාර බලන්න ටොස් එක අනිවාර්යයෙන්ම මම දිනනවා කියලා. ඒ වෙලාවේ මාත් එක්ක නිරෝෂන් කියලා අපේ ඇනලයසිර් කෙනෙකුත් හිටියා. කිව්ව විදියටම මම ටොස් එක දින්නා. ඒකත් ලෝක කුසලානයේ සුන්දර මතකයක්.’’
 
 තමාට පිටිය මැද කී‍්‍රඩකයන්ව ස්ථාන ගත කිරීමේදී මහේල සහ සංගක්කාර ලබාදුන් සහයද මාලිංග සිහිපත් කරයි. ‘‘මම ෆීල්ඩර් කෙනෙක් දැම්මොත් ඒ ඈන්ගල් එක හරිද කියලා බැලූවේ කුමාර් සංගක්කාර අයියා. එයා කඩුලූ රකින්නා නිසා හොඳට ඒ දේවල් පේනවා. ඒ වගේම මම පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියන එක මහේල අයියා හොඳට දන්නවා. ඒක නිසා මං ගත්ත ගොඩක් තීරණ එයත් එක්ක ගැළපුණා. සීනියර්ස්ලා හිටියා කියලා කැප්ටන්ලා හිටියා කියලා කිසිම කරදරයක් මට තිබුණේ නෑ. ඒක තමයි මේ ජයග‍්‍රහණයේ රහස.’’

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles