Divaina - කොරෝනා නිසා මාර්ක් වුඞ් කණගාටුවෙන්....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 sp2
 
එංගලන්තයේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩක මාර්ක් වුඞ් ලොව පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් යළිත් ක‍්‍රිකට් පිටියට එන්නේ කවදාදැයි ලත වෙමින් සිටියි. ඔහු පවසන්නේ තමා එංගලන්තය වෙනුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළද මුළු රටේම තිබෙන අභියෝගවලින් තමාට ගැලවීමක් නැති බවයි.
 
 ‘‘කොරෝනා වෛසර වසංගතය බුබුලක් මෙන් දැන් පුපුරා ගොස් තියෙනවා. අපි දැන් යෝග්‍යතාව, ක‍්‍රියාකාරීත්වය හෝ ඊළඟ තරගය ගැන සිතනවා වෙනුවට දැන් සිතන්නේ වෙනත් දේවල්. හැම දෙනාගේම සිතීම එකම දෙයක් වෙනුවෙන්. මේක මහ බියජනක කාලයක්.’’ යනුවෙන් මාර්ක් වුඞ් පවසයි.
 
 මාර්ක් වුඞ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 15 කට සහභාගි වී පිතිකරුවකු වශයෙන් එක් අර්ධ ශතකයක් සමග මුළු ලකුණු 392 ක්ද වේග පන්දු යවන්නකු වශයෙන් කඩුලූ 48 ක්ද ලබා තිබේ. මීට අමතරව ඔහු එක්දින තරග 51 කදී කඩුලූ 61 ක් සහ විස්සයි විස්ස තරග 8 කදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ.
 
 30 හැවිරිදි වියේ පසුවන මාර්ක් වුඞ් වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘‘මගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මා කනස්සල්ලෙන් පසුවෙනවා. මම මගේ දෙමව්පියන්, ආච්චිලා සහ සීයලා ගැන කරදර වෙනවා. මම සුපිරි වෙළෙඳසැල්වලින් පිටත පෝලිම් ගැසී සිටින අතර මගේ කොණ්ඩයත් මුඩු කර දැමුවේ ආයිත් කොණ්ඩය කැපීමට කවදා සිදුවේදැයි දන්නේ නැති නිසා.’

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles