Divaina - ක‍්‍රීඩා ලෝලීන්ට ඉක්මනින්ම ක‍්‍රීඩාව පෙන්වීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් උත්සහයක

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 sp1
 
 අසේල විතාන
 
උද්ගතවී ඇති ගෝලීව වසංගතයක් වන කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ක‍්‍රීඩා සියල්ලම පාහේ ඇනහිට තිබේ. ඒ අතරවාරයේදී යළිත් ක‍්‍රීඩාව ඉක්මනින් ආරම්භ කරමින් රසිකයන්ට ක‍්‍රීඩාව නැරඹීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධානය යොමු කර තිබේ.
 
 මේ වන විට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත්ව ඇති ඇමරිකාවේ සියලූම ක‍්‍රීඩා ඇන හිට තිබේ. එරට දස දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර තවත් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගයෙන් පීඩා විඳිනු ලබයි. ඒ අතරවාරයේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට ක‍්‍රීඩා ප‍්‍රධානීන් සමග ධවල මන්දිරයේ පැවැති සාකච්ඡුාවකදී මෙසේ පවසා තිබේ.
 
 ‘‘අපි හැකි ඉක්මනින් නැවත තරග ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මට රසිකයන්ව නැවතත් ක‍්‍රීඩා පිටිවලට ගෙන්වීමට අවශ්‍යයි. අපි සූදානම් වන ආකාරයට හැකි ඉක්මනින් අපිට ඒ දේ කරන්න පුළුවන්. ඔවුන්ට පැසිපන්දු, බේස්බෝල්, පාපන්දු හෝ හොකී ක‍්‍රීඩාවන් රස විඳීමට අවශ්‍ය බව මම දන්නවා. ඔවුන් ක‍්‍රීඩාව දැකීමට ප‍්‍රිය කරනවා. රසිකයන්ට අවශ්‍ය ගෝල්ෆ් පිටියට ගොස් ලස්න පිරිසිදු නැවුම් වාතය ආශ්වාස කිරීමයි.’’ යනුවෙන් ට‍්‍රම්ප් පවසයි.
 
 ඇමරිකාවේ ජාතික පාපන්දු ලීගය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එය ආරම්භ කිරීම සම්බන්ධයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම්ට් සිටින්නේ දෙගිඩියාවකිනි. ට‍්‍රම්ප් විසින් ක‍්‍රීඩාව නැවත ආරම්භ කළ යුතු බව පැවසුවත් උද්ගතවී ඇති තත්ත්වය සමනය වන තුරු ක‍්‍රීඩාව පැවැත්වීම නුසුදුසු බව ඔවුන්ගේ මතය වී තිබේ.
 
 මෙම ගෝලීය වසංගතය හේතුවෙන් ලොව ප‍්‍රධානතම තරගාවලි වසරකින් කල් දමද්දී තවත් තරගාවලි කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමන ලදී. ජාත්‍යන්තර ඔලිම්පික් උළෙලද වසරකින් කල් දැමීමට තීරණය කළ අතර ජාත්‍යන්තර පාපන්දු තරගාවලි සහ ක‍්‍රිකට් තරගාවලිද කල් දැමූ යුගයක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ක‍්‍රීඩාව හැකි ඉක්මනින් එරට ආරම්භ කරන්නේ කෙසේද යන්න විවේචනයට බඳුන් වී තිබේ.
 
 උද්ගතවී ඇති තත්ත්වය අනූව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ ඇමරිකානු වැසියන් වන අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් මීට සතියකට පෙර පැවසුවේ මෙම වසංගතයෙන් ලක්ෂ දෙකක් පමණ ඇමරිකානු ජනතාව මිය යා හැකි බවත් එය ලක්ෂයකින් නවතා ගැනීමට හැකි වුවහොත් ඉතාමත් හොඳ දෙයක් බවයි. මේ අතර ඇමරිකානු හෙදියක්ද පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් සිය රැකියාවෙන් ඉවත්වී ඇත්තේ කොරෝනා
 
 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට හැකි ආරක්ෂක ආවාරණවත් තමන්ට ලැබී නොමැති බවත් වත්මන් ආණ්ඩුව ඒ සඳහා ගත හැකි ක‍්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන්ද විවේචනයට ලක් කරමිනි.
 
 ඇමරිකාවේ නැවත ක‍්‍රීඩාව ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡුාවේදී ක‍්‍රීඩා ප‍්‍රධානීන් හමුවේ ට‍්‍රම්ප් වැඩිදුරටත් මෙසේ පවසා තිබේ. ‘‘ඔබ ක‍්‍රීඩාවේ රැදී සිටින්න. අපි ඔබව නැවත ක‍්‍රීඩාංගණයට ඉක්මනින් ගෙනි යනවා. අපි ආපසු යා යුතුයි. අපි ඉක්මනට ආපහු එන්න ඕන. ඒක මතක තියා ගන්න.’’
 
 ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බාල පුත‍්‍රයා වන බැරන් ට‍්‍රම්ප් හොඳ මලල ක‍්‍රීඩකයකු බවත් ඔහු පාපන්දු රසිකයකු බවත් විස්තර කළ ට‍්‍රම්ප් සමාජ දුරස්ථ භාවය හෙවත් නිරෝධානය දින 14 ක් යනු කෙසේ බලපාන දෙයක්ද යන්න තම පුත‍්‍රයා කෙරෙහිද බලපා ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles