Divaina - නිරෝධායනයෙන් කට්ටි පැන්න ෆීජී ක‍්‍රීඩකයන් පොලිසියට කොටු වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 sp2
 
නිරෝධායනයට ලක් කළ ෆීජී රග්බි කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙදෙනකු එම නිරෝධානය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ෆීජි රග්බි ආයතනය පවසන අතර එම ක‍්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධයෙන් ලෝක රග්බි සංගමයටද වාර්තා කර තිබේ.
 
 ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ඇති විය හැකි දරුණු තත්ත්වයන්ට මිදීම හේතුවෙන් එම රෝග ලක්ෂණ ඇති අය ඇසුරු කළ පුද්ගලයන්ද නිරෝධායනයට ලක්වේ. ෆීජී කණ්ඩායමේ නිරෝධායනය කඩ කළ ක‍්‍රීඩකයන් එම කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් දෙදෙනකු වුවද ඔවුන්ගේ නම් ප‍්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට ෆිජී බළධාරීන් ක‍්‍රියා කර තිබේ.
 
 ඔලිම්පික් සත් සාමාජික රග්බි රන් පදක්කම ලාභී ෆිජී කණ්ඩායම අවසන් වරට පැවැති ලෝක රග්බි ශූරතාවයේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් එරට අග‍්‍රාමාත්‍යවරයා වන ෆ‍්‍රෑන්ක් බයිනිමරමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රග්බි ක‍්‍රීඩකයන්ට චෝදනා කරමින් පවසන්නේ ඔවුන් සමස්ත ෆීජී රාජ්‍යම අවධානයට ලක්කර ඇති බවයි.
 
 මේ සම්බන්ධයෙන් ෆීජී රග්බි සංගමය නිවේදනය කරන්නේ, ‘‘රජය පනවලා තියෙන දින 14ක නිරෝධානයට ගරු නොකරන අය ලැජ්ජා විය යුතුයි. ඒ අනූව ඔවුන්ට දඩුවම් ලැබිය යුතුයි.’’ යනුවෙනි. සිංගප්පූරුවේ සිට පැමිණි ක‍්‍රීඩකයකු නිරෝධානයට ලක්කර සිටියදී රෝහලෙන් පැන ගොස් ඇති බවත් ඔහුව පොලිසිය කොටුකර ඇති බවත් සඳහන් වේ.
 
 ඒ අනූව නිරෝධායනය කඩ කළ ෆීජී ක‍්‍රීඩයන් සම්බන්ධයෙන් හතර වටින්ම චෝදනා එල්ල වන අතර ඔවුන් එරෙහිව ගත යුතු ඉහළම ක‍්‍රියා මාර්ග ගැනීමට ෆීජී රජය සහ රග්බි සම්මේලනය කටයුතු යොදා තිබේ. ඒ සම්බන්ධයෙන් ෆීජී රග්බි සංගමයේ ප‍්‍රධාන විධායකවරයා පවසන්නේ, ‘‘මේ ක‍්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ පවුල් සහ රටේ ජනතාව අවධානයට ලක් කරලා තියෙනවා. මේක වගකීම් විරහිත හැසීරීමක්. ඔවුන්ව දැන් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ අනූව පොලිසිය ගන්නා සියලූ ක‍්‍රියාමාර්ගවලට අපිත් ඉදිරියේදී සහය දෙනවා.’’ යනුවෙනි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles