Divaina - ‘තරග පාවා දෙන්නන්ව එල්ලා මැරිය යුතුයි’ - හිටපු පාකිස්තාන් ක‍්‍රිකට් නායක මියැන්ඩාඞ් කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 sp3
 
තරග පාවාදෙන්නකු යනු මිනිසකු මැරීම හා සමාන දෙයක් යැයි හිටපු පාකිස්තාන් ක‍්‍රිකට් නායකයකු වන ජාවිඞ් මියැන්ඩාඞ් පවසයි. පසුගිය වසර කිහිපයේදී ක‍්‍රිකට් තරග පාවාදුන් වැඩිම පිරිසක් පාකිස්තානයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධව කළ අවධානයකදී මියැන්ඩාඞ් මෙම අදහස් පළ කර සිටියේය.
 
 ‘‘තරග පාවාදීම මිනිසකු මැරීම හා සමානයි. ඒ නිසා මිනිසකු මරණ කෙනෙකුව එල්ලා මරණවා වගේ තරග පාවා දෙන්නන්වත් එසේ කළ යුතුයි. ඒ දෙකම එක හා සමානයි.’’ යනුවෙන් මියැන්ඩාඞ් පවසයි.
 
 ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉතිහාසයේ පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පාකිස්තාන් කණ්ඩායමේ නායකයා වූයේද ජාවිඞ් මියැන්ඩාඞ්ය. එහිදී ශ‍්‍රී ලංකා පිල බන්දුල වර්ණපුර විසින් මෙහෙයවනු ලැබීය. දස වසරකට පසුව පාකිස්තානයේ පසුගියදා පැවැති ටෙස්ට් තරගයේදී ප‍්‍රධාන ආරාධිතයා වුයේද මියැන්ඩාඞ් සහ බන්දුල වර්ණපුරයි.
 
 පාකිස්තානයේ සල්මන් බට්, මොහොමඞ් අමීර් සහ මොහොමඩ අසීෆ් 2010 වසරේදී එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගයකදී පාවාදීමේ චෝදනාවට ලක්වූ අතර මේ වන විට උමාර් අක්මාල්ටද තරග පාවාදීම සම්බන්ධයෙන් වන පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග තහනමක් පැනවීමට නියමිතව තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles