Divaina - හර්බජාන් පවුල් 5000 ක් භාර ගනියි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 

sp4

ඉන්දියානු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක හර්බජාන් සිං ගෝලීය වශයෙන් පැතිර යන කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ඉන්දියාවේ ජලාන්දර් හී අඩු ආදායම් ලාභී පවුල් 5000 කට උපකාර කිරීමට ඉදිරිපත්ව තිබේ. ඔහු සහ ඔහුගේ බිරිඳ මෙම සත්කාරය දිගටම කරගෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට කොරෝනා වෛසරය හේතුවෙන් ලොව මිලියනයකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර ඉන්දියාවෙන් මරණ 70කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බොහොමයක් මෙම සද්කාර්යට අතහිත දෙද්දී හර්බජාන් සිං සිය ගම් පළාත වන ජලාන්දර් හී පවුල් 5000 කට සෙත සැලසීමට ඉදිරිපත්ව තිබේ.

‘‘දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ බිරිඳ ගීතා සහ මම මෙම දුෂ්කර අවස්ථාවේදී ජලාන්දර් හී පවුල් 5000 කට සලාක ආහාර බෙදාදීමට කටයුතු කරනවා. මෙම වසංගතය හේතුවෙන් ඔවුන්ට දිගටම උදව් කරන්න අපි බලාපොරොත්තු වෙමු.’’ යනුවෙන් හර්බජාන් පවසයි.

හර්බජාන් සිං විසින් අදාළ පවුල් සඳහා කි.ග‍්‍රෑ5 ක සහල්, තෙල් ඇතුළු අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදීදම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් හර්බජාන් සිං මේ වන විට මුම්බායි හී වාසය කරන අතර ඔහු මුම්බායි සිට අදාළ කර්තව්‍ය කෙසේ කරන්නේ දැයි මාධ්‍ය විසින් විමසන ලදුව, ‘‘මම මීට පෙර දවුලත් හී ජීවත් වුණා. මගේ කිට්ටුම මිතුරන් එහි ඉන්නවා. ඔවුන් පවුල් 500 කට වියළි සලාක බෙදා දුන්නා. මම පෞද්ගලිකව පන්ජාබ් පොලිසියට කතා කළා. මිතුන් කණ්ඩායමට පොලිසිය සමග එක්ව ඒ ආහාර ද්‍රව්‍ය බෙදා දෙන වැඩපිළිවෙලක් සකස් කළා.’’ යැයි පැවසීය.

39 හැවිරිදි හර්බජාන් සිං පවසන්නේ නිවාස නැති රැකියා නැති ජනතාවට කොරෝනා වසංගතය නිමා වන තුරු සහල්, තෙල් සහ පිටි වැනි ආහාර ද්‍රව්‍ය බෙදා දෙන බවයි. ‘‘මම මුම්බායි සහ ජලන්දර් හී මාරුවෙන් මාරුවට ජීවත් වෙනවා. මට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් බොහෝ දේ ලැබී තියෙනවා. ඒ නිසා මට කළ හැකි අවම දෙයක් මේක. මගේ ජනතාව දුක් විඳිනවා මට පේන්නෙ නැති වුණත් මම දන්නවා ඔවුන් ගැන.’’ යනුවෙන් හර්බජාන් වැඩිදුරටත් පවසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles