Divaina - රාජපක්ෂ සහ ඕෂධ විස්සයි විස්සෙන් හැලෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

kreedබටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ‍්‍රී ලංකා සංචිතයෙන් භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසුරිය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට නුවන් ප‍්‍රදීප් සහ තිසර පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

භානුක රාජපක්ෂ විස්සයි විස්ස තරග හතක් නියෝජනය කර ඇති අතර එහිදී ඔහු පිළිවෙලින් ලකුණු 32, 77, 3, 2, 17(නොදැවී*, 9 වශයන් ලකුණු ලබා තිබේ. භානුක රාජපක්ෂගේ විස්සයි විස්ස ප‍්‍රහාරාත්මක වේගය 130.84% කි. පසුගියදා අවසන් වූ බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මොහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව දෙවරක් සිතා බැලිය යුතුවේ.

මීට අමතරව විස්සයි විස්ස තරග හයකදී එක් අර්ධ ශතකයක් ලබා ඇති ඕෂධ ප‍්‍රනාන්දුටද ස්ථානය අහිමිව තිබේ. ආබාධය සුව නොවීම හේතුවෙන් ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලකටද විස්සයි විස්ස තරගාවලිය අහිමිව ඇත.

2019 මාර්තු මාසයට පසුව තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාට විස්සයි විස්ස සංචිතයේ ස්ථානයක් හිමිව ඇති අතර නුවන් ප‍්‍රදීප් සහ ෂෙහාන් ජයසුරියද තරගාවලි කිහිපයකට පසුව යළිත් විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබේ. දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන 4 වැනිදාත් දෙවැනි තරගය ලබන 6 වැනිදාත් පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය

ලසිත් මාලිංග (නායක*, අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ ළහිරු කුමාර

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles