Divaina - ශ‍්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගය හෙට.... ‘බංකුවේ’ සිටි ක‍්‍රීඩකයන්ගේ හැකියාව මනින්න දෙපිලම සැරසෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


අසේල විතාන
 
 crickst
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජය කලින්ම 2-0 ක් වශයෙන් උදුරා ගත් ශ‍්‍රී ලංකා පිල හෙට (01 දා* පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ කොදෙව්වන් සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ‘බංකුවේ’ සිටි අතිරේක ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබේ. දිවා රාත‍්‍රී තරගයක් වන මෙය ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය.
 
 එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති තරග දෙකම ශ‍්‍රී ලංකාව පහසුවෙන් ජය ගැනීම හේතුවෙන් කණ්ඩායමේ අනෙකුත් ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නායකයා සහ පුහුණුකරුවා අවධානය යොමු කර තිබේ. ‘‘අපිට අවශ්‍ය පළමුව තරගාවලිය දිනා ගන්නයි. ඊට පස්සෙ අනිත් හැම ක‍්‍රීඩකයකුටම අවස්ථාව දෙන්න බලනවා.’’ යනුවෙන් දිමුත් තරගාවලිය ආරම්භ වීමට පෙරම පැවසීය.
 
 කොදෙව් නායක කිරන් පොලාර්ඞ්ද පවසන්නේ, ‘‘අපේ සංචිතයේ 15 ක් ඉන්නවා. තරගාවලිය පරාජය වීම ගැන කනගාටුයි. අපිට අවශ්‍යයි පන්දු රැුකීම සහ පිතිකරණය මෙන්ම පන්දුව යැවීම තවත් දියුණු කරගන්න. කොහොම නමුත් අනිත් කී‍්‍රඩකයන්ටත් අවස්ථාව දිය යුතුයි.’’ යනුවෙනි. ඒ අනූව කණ්ඩායම් දෙකේම වෙනසක් හෙට තරගයේදී දැක ගැනීමට හැකි වනු ඇත.
 
 හෙට තරගයේදී නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාර කී‍්‍රඩා කිරීමට නියමිත අතර ඒ වෙනුවට නුවන් ප‍්‍රදීප්, ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව යෑමේ වැඩි අවස්ථාවක් පවතී. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය හෙට දිනයේදී ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
 
 පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සහභාගි වී ඇති එක්දින තරග 22 න් 10 ක් ජය ගනිද්දී තරග 12 ක් පරාජය වී ඇත. ඒ අනූව ශ‍්‍රී ලංකාව පල්ලකැලේ ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 45.45% දක්වා පහළ වැටී තිබේ. බටහිර ඉන්දීය කොදෙව්වන් මෙහිදී එක්දින තරගයකට පමණක් සහභාගි වී ඇති අතර එම තරගය ඔවන් පරාජයට පත්ව තිබේ. ඒ 2015 වසරේදීය.
 
 ශ‍්‍රී ලංකා පිල පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී සහභාගි වූ අවසන් එක්දින තරග හතෙන් හයක්ම පරාජය වී ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. 2018 වසරේදී එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් වරට පැවැති තරග දෙකම ශ‍්‍රී ලංකාව මෙම ක‍්‍රීඩාංගණයේදී පරාජය වී තිබේ. වත්මන් කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතරින් පල්ලකැලේ ජාත්‍යනතර කී‍්‍රඩාංගණයේ පැවැති එක්දින තරගවලදී අර්ධ ශතක වාර්තා කර ඇත්තේ කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා පමණි.
 
 වත්මන් අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 82 ක් ලබා අට වැනි ස්ථානයේ පසුවන අතර කොවේවන් ප‍්‍රසාද ලකුණු 79 ක් ලබා නව වැනි ස්ථානයේ රැුදී සිටියි. මෙම තරගාවලියේ 3-0 ක ජයක් ශ‍්‍රී ලංකාව ලබා ගැනීම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට හේතුවන බැවින් එම ඉලක්කයට ශ‍්‍රී ලංකාව පිල යා යුතුය.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම
 
 දිමුත් කරුණාරත්න (නායක*, අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා නුවන් ප‍්‍රදීප්
 
 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
 
 කිරන් පොලාර්ඞ් (නායක*, ෂායි හෝප්, ෆාබියන් ඇලන් සුනිල් අම්බි‍්‍රස්, ඩැරන් බ‍්‍රාවෝ, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්ට‍්‍රල්, ජේසන් හොල්ඩර්, අල්සාරි ජෝෂප්, බ්‍රෙන්ඩන් කිංග්, කිමෝ පවුල්, නිකොලොස් පූරන්, රවුමාන් පවෙල්, රොමාරියෝ ෂෙපාහාර්ඞ්, හයිදින් වෝල්ෂ්
 

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles