Divaina - තර්ස්ටන් සහ ඉසිපතනය 57 වැනි ‘සහෝදරයන්ගේ සංග‍්‍රාමය’ට සැරසෙති

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p16 2 කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 57 වැනි වරටත් පැවැත්වෙන ‘සහෝදරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික කි‍්‍රකට් තරගය හෙට සහ අනිද්දා (28 සහ 29) දිනයන්හීදී පැවැත්වේ. කොළඹ 7, මේට්ලන්ඞ් පෙදෙසෙ සිංහල කී‍්‍රඩා සමාජ (බී. ආර්. සී.) කී‍්‍රිඩාංගණයේදී පැවැත්වෙන අදාළ තරගයේදී තර්ස්ටන් කණ්ඩායම ජයවිහාන්
 
 මහවිතානගේ නායකත්වයෙන් සහ ඉසිපතන කණ්ඩායම ලෙෂාන් අමරසිංහගේ නායකත්වයෙන් මෙහයවනු ලබයි.
 
 ‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන ‘සහෝදර සංග‍්‍රාමය’ වාර්ෂික කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව වසර 27කට පසුව දිනා ගැනීමට තර්ස්ටන් කණ්ඩායම පසුගිය වසරේ සමත් විය. එම ජයග‍්‍රහණයත් සමග තර්ස්ටන් විදුහල් කණ්ඩායම
 
 ‘සහෝදරයන්ගේ සංග‍්‍රාමය’ තරග ඉතිහාසයේ ජයග‍්‍රහන 6ක් වාර්තා කිරීමට සමත්ව තිබේ. ඉසිපතන විදුහල් කණ්ඩායම ජයග‍්‍රහන 4ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර තරගාවලියේ තරග 46ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
 
 තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම - ජයවිහාන් මහවිතාන (නායක), බවන්ත ජයසිංහ, බිනුර රණතුංග,
 
 යොහාන් ලියනගේ, නවින්ද ප‍්‍රනාන්දු, ධනංජය ප‍්‍රසාද්, ප‍්‍රසන්න පුෂ්පකුමාර, පුන්තිල කුමාර, තිනෙත් ප‍්‍රබුද්ධ, විහඟ ජයමාන්න, අවිශ්ක කෞශල්‍ය, රනේෂ් සිල්වා, සමිත් නර්දින, හිරුදිත් හේමචන්ද්‍ර, නිපුන් කදිරාන, විහස් තෙව්මික.
 
 ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම - ලෙශාන් අමරසිංහ (නායක), යසිරු කස්තුරිආරච්චි, ලොමිත රවින්දිත්, සවිඳු උත්සර, දිනත් දිසානායක, ගගන ලක්තිළිණ, තිවංක ලක්රුවන්, තෙවිඳු දික්වැල්ල, අමාන් තාහා, රවිඳු රත්නායක, කවිඳු අමන්ත, සවීන් දන්ත, තෙනුල ලියනගේ, මන්දීප ගුණසේකර, සිතුක ගුණවර්ධන, සතිර කඹුරාවල, ලිසුර විනත්, තේමිය ගුණරත්න.
 
 ඡුායාරූප - සමන් රණවීර

p16 1
  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles