Divaina - කොදෙව් - ශී‍්‍ර ලංකා පළමු පුහුණු තරගය අද

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p16 3 සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කි‍්‍රයාත්මක පළමු පුහුණු තරගය අද (17 වැනිදා* ආරම්භ වේ. එ් අනුව පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අදාළ පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා සභාපතිගේ කණ්ඩායමේ නයකත්වය උපුල් තරංගට හිමිව තිබේ.
 
 තරංගට අමතරව මේ විට ජාතික කණ්ඩායමේ ස්ථාන අහිමිව සිටින ලහිරු තිරිමාන්න සහ අසේල ගුණරත්නද අද තරගයට කී‍්‍රඩා කිරීමට නියමිත අතර ඇන්ජලෝ පෙරේරාද කණ්ඩායමට ඇතුළත්ව තිබේ.
 
 කලක් ශ‍්‍රී ලංකා පිලට නැතුවම බැරි ක‍්‍රීඩකයකු බවට පත්ව සිටි අසේල ගුණරත්න කෙරෙහිද අවධානය යොමු කර සිටින තේරීම් කමිටුව ඔහුගේ දක්ෂතා යළි මැන බැලීම වෙනුවෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දී තිබේ. මීට අමතරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ සංචිතයට තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටියද ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරුණු අතර ඔහුට අමතරව ශිරාන් ප‍්‍රනාන්දු ද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවත් ආබාධයක් හේතුවෙන් ඔහුටද මෙම තරගය මග හැරිණි.
 
 ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වැනිදා කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි එක්දින තරගය ලබන 26 වැනිදා මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන මාර්තු 1 වැනිදා පල්ලෙකැලේ
 
 කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
 
 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම - උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික‍්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ශාන් මධුශංක, අසිත ප‍්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර.
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles