Divaina - මහනුවර අපරාජිතව පෙරට යයි - අන්තර් සමාජ ලීග් රග්බි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 p16 4අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියේ තවත් තරග කිහිපයක්
 
 පසුගියදා පැවැත්විණි. එ් අනුව තරගාවලියේ මේ වනවිට තව දුරටත් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත මහනුවර කණ්ඩායම සමත් වී සිටී. පොලිස් කී‍්‍රඩා සමාජය ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට මෙවර තරගාවලියේදී මේ දක්වා සමත් වී ඇති අතර ඔවුන් තරග 11කදී එක් තරග සමවීමක් සමගින් ජයග‍්‍රහණ 7ක් වාර්තා කර තිබේ.
 
 නාවිකයන්ට තවත් පරාජයක්
 
 මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම අතර වැලිසරදී පැවැති තරගයේදී ලකුණු 39-28ක් ලෙස ජය වාර්තා කිරීමට මහනුවර කී‍්‍රඩකයෝ සමත් වූහ. එ් අනුව මෙවර තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම හමුවේ වාර්තා වූ 8 වැනි පරාජය ලෙසින් එය සටහන් විය. මේ වන විට ඔවුන් ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට පත් වී තිබේ.
 
 මහනුවර වෙනුවෙන් තරින්ද රත්වත්තේ ප‍්‍රවර්තන 4ක් සහ දඬුවම් පහර 2ක් එල්ල කිරීමට සමත් විය. ශී‍්‍රනාත් සූරියබණ්ඩාර, ජේසන් දිසානායක, දිනූෂ දයාන්, දිලූක්ෂ දන්ගේ සහ බුද්ධිම පියරත්න එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
 
 නාවික හමුදාවේ ඉසුරු කෝන්ගහවත්ත ප‍්‍රවර්තන 2ක් සහ එක් උත්සාහක දිනුමක් සමගින් දඬුවම් පහර 3ක් එල්ල කළේය. රදීශ සෙනෙවිරත්න සහ නිමේශ එ්කනායක එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
 
 ගුවන් හමුදාව පොලිසියට යටවෙයි
 
 ගුවන් හමුදා කී‍්‍රඩා සමාජ කණ්ඩායම සහ පොලිස් කී‍්‍රඩා සමාජය අතර පොලිස් පාර්ක් කී‍්‍රඩාපිටියේදී පැවැති තරගයෙන් ලකුණු 29-12ක ජයක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. අදාළ ජයග‍්‍රහණයත් සමග පොලිස් කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ අතර සහභාගි වූ තරග 11න් තරග 10ක්ම පරාජයට පත්වී ඇති ගුවන් හමුදා කණ්ඩායම ලකුණු සටහනේ අවසන් තැන රැුඳී සිටී.
 
 පොලිස් කී‍්‍රඩක යොශාන් පීරිස් ප‍්‍රවර්තන 3ක් සහ එක් දඬුවම් පහරක් එල්ල කිරීමට සමත් වූ අතර නිසල් සමාධි, කසුන් රාජකරුණා, ශාන් අකිල සහ උදය සංජුල එක් උත්සාහක දිනුම බැගින් ලබා ගත්තේය.
 
 ගුවන් හමුදාව වෙනුවෙන් තිමිර අමන්ද, ශශික ප‍්‍රනාන්දු සහ ගයන්ත ඉද්දමල්ගොඩ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
 
 සීඑච් හැව්ලොක්ස්ට පරදි
 
 සත්කාරක හැව්ලොක්ස් කණ්ඩායම සහ සීඑච් ඇන්ඞ් එෆ්සී කණ්ඩායම අතර හැව්ලෝක්ස් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 40-37ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරකයෝ සමත් වූහ. හැව්ලොක්ස් කණ්ඩායම මේ වනවිට තරගාවලියේ ජයග‍්‍රහන 7ක් සමගින් ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවේ. ජයග‍්‍රහන 2ක් සහ පරාජයන් 8ක් සමගින් සීඑච් කණ්ඩායම ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවේ.
 
 අදාළ තරගයේදී හැව්ලොක්ස් වෙනුවෙන් සන්තුෂ් අල්ගම දඬුවම් පහර 3ක් සහ සංදේශ් ජයවික‍්‍රම ප‍්‍රවර්තන 4ක් සාර්ථක කළේය. මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් දෙකක් සහ දිනුෂන් ආරියපාල සහ ශව්කත් ලාහීර් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
 
 සීඑච් කණ්ඩායම වෙනුවෙන් හිරුෂ සම්පත් ප‍්‍රවර්තන 2ක් සහ එක් දඬුවම් පහරක් එල්ල කිරීමට සමත් විය. ප‍්‍රසාද් චතුරංග උත්සාහක දිනුම් 2ක් සහ රෝහිත රාජපක්ෂ, රමාෂ් ප‍්‍රනාන්දු, තිවංක ප‍්‍රසාද් සහ මොහොමඞ් අබ්සාල් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
 
 ඡායාරූපය - කමල් වන්නිආරච්චි
  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles