Divaina - ශී‍්‍ර ලංකා කාන්තාවෝ ලෝක කුසලාන පළමු පෙරහුරුව පරදිති

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p16 1ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් තරගාවලියේ පළමු පුහුණු තරගයට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (16 වැනිදා* දකුණු අපි‍්‍රකාව හමුවේ ලකුණු 41ක පරාජයක් ලැබුවාය. 
 
 ඔස්ටේ‍්‍රලියාවේ ඇඩිලෙඞ් කී‍්‍රඩාංගණයේ පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩිකාවෝ පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 146ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම හඹාගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් හට ලබා ගතහැකි වූයේ නියමිත පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 105ක් පමණි.
 
 මුල්පෙළ පිතිකාරිණියන් අසරණ වූ ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ 5 මුලූ ලකුණු 57ක් වන විටදී දැවී ගියේය. අමා කාන්චනා පන්දු 15කදී නොදැවී එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 24ක් ලබා ගත්තාය. එ් හැරුණුකොට ලකුණු 22ක් වාර්තා කිරීමට හසිනි පෙර්රා සමත් වූවාය.
 
 දකුණු අපි‍්‍රකානු ඉනිමේ ආරම්භක පිතිකාරිණියන් දෙපළම ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට උදේශීකා ප‍්‍රබෝධනී සමත් වූවාය. මරිසනේ කාප් පන්දු 44කදී ලකුණු 44ක් සහ ලවුරා වොල්වාරඑ නොදැවී පන්දු 24කදී ලකුණු 38ක් රැුස් කළාය.
 
 ලකුණු සටහන
 
 දකුණු අපි‍්‍රකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 146යි
 
 ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 105යි
  

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles