Divaina - කොදෙව්වන් සමග ගැටෙන පුහුණු සටනේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිලේ ඔටුන්න තරංගට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අසේල විතාන
 
 taranga
එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින පුහුණු තරග දෙක සඳහා නම් කරන ලද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත්කර තිබේ.
 
 දෙරට අතර පළමු එක්දින තරගය ලබන 22 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ලබන 17 වැනිදා පී.සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදීත් දෙවැනි පුහුණු තරගය 20 වැනිදා කටුනායකදීත් පැවැත්වේ.
 
 උපුල් තරංගට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අතර ඔහුට යළිත් කණ්ඩායමට පැමිණීම සඳහා මෙම තරග දෙක ඉතාමත් වැදගත් සාධකයක් වී තිබේ. තරංගට අමතරව ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අසේල ගුණරත්න සහ ළහිරු තිරිමාන්න වැනි ජ්‍යෙෂ්ඨයන්ද කණ්ඩායමට එක්කර තිබේ.
 
 මීට අමතරව යොවුන් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස්ට සභාපතිගේ කණ්ඩායමේ ස්ථානය හිමිවෙද්දී ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින පැතුම් නිස්සංකටද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. කලකට පසුව දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල්වද සභාපතිගේ කණ්ඩායමට කැඳවා ඇත.
 
 අවසන් වූ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පස්වැනි තැනට පත්වූ හුංගම විජයබා විද්‍යාලයේ වමත් වේග පන්දු යවන්නකු වන ඩිල්ශාන් මධුෂංක සහ දඟ පන්දු යවන ක‍්‍රීඩක කවිඳු නදීශාන්වද සභාපතිගේ කණ්ඩායමට නම් කර තිබේ.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
 
 උපුල් තරංග (නායක*, ළහිරු තිරිමාන්න, සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අශේන් බංඩාර, අසිත ප‍්‍රනාන්දු, ශිරාන් ප‍්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, චාමික ගුණසේකර, පුළුන තරංග, කවිඳු නදීශාන්, සචිදු කොළඹගේ සහ තරිඳු කෞෂාල්
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles